ඉසුරුගේ කුලුඳුල් ගීය සඳ හැංගිලා

ජනවාරි 14, 2021

ඉසුරු ලක්මාල් ගායනා කරනු ලබන සඳ හැංගිලා ගීතය රෑප රචනාවක් සහිතව පසුගියදා එළි දැක්විණ. සඳ හැංගිලා යනුවෙන් සටහන් කොට එය අන්තර්ජාලය ඔස්සේ ඔබට නැරඹීමට හැකියාව තිබේ. ඉසුරුගේ කලුඳුල් ගීතය මෙය වන අතර එහි පද රචනය සහ සංගීත නිර්මාණය තරංග දුමිඳුගෙනි. සඳ හැංගිලා ගීතය ගීතයේ රූප රචනාව හොරණ ලබුගම ප්‍රදේශයේ දී රූපගත කොට ඇත. සම්පත් දඩල්ලගේ, නිරෝෂ් අනුරාධ, ශෂී ඇන්ජලීනා, නිමේෂ් පතිරණ සහ පවිත්‍රා වික්‍රමසිංහ මේ සඳහා රංගන දායකත්වය සපයා ඇත. කැමරාකරණය සහ සංස්කරණය නවීන් මාධවගෙනි.



සඳ හැංගිලා ගීතයේ සම්පූර්ණ පද මාලාව.

සඳ හැංගිලා නෙතු මානයේ
ඉඟියෙන් කතාවක් කියා
පැතුමන් මවා සන්තානයේ
මට නුපුරුදු හැඟුම් දී ඔයා
නවතින්න හද මාලිගාවේ
උන්මාද සිහිනේ වෙලා.

පින්වන්ත සංසාර මේ පෙම් කතාවේ
ළඟ ඉන්න ඔබ මාගෙ රැජිනිය වෙලා
පණ සේම රැකගන්න ආසයි සදා මං.
අතගන්න මතු දාක සෙනෙහෙන් බලා ඉන්නවා.

ජීවිතේම මාගේ රත්තරං ඔයානේ.
නොදන්නවා වගේ හිඳීන්නෙපා.
ආදරේ කතාවේ දෙවුලියයි මෙමාගේ
මැකී නොයන්න හීනයෙන් පවා
තෙතොලින් නොකී දේ නෙතේ ලියවෙලා
රහසින් වගේ ඉඟිකළා
සත්තයි මගේමයි කියා

නොදැක ඉන්න ගානෙ කල්පයක් වගේ නේ
සොයන්නෙ දෑස ඔබ කොහෙ කියා
මා පැතූ සෙනේහේ තාම නෑනෙ දුන්නේ
ජීවිතේම ඉන්නවා බලා
පතිනිය කරන් අත අරන් මතු දිනේ ඉන්නයි සදා ළං වුණේ
සිහිනේ ඔයාමයි ප්‍රියේ.
සඳ හැගිලා...