තාත්තාගේ චරිතය සිනමාවට පැමිණි දා පුතා මාධ්‍ය අමතයි

ජනවාරි 3, 2019

මෙම වසරේ ජනවාරි මස 18 වැනිදා සිට රෝහණ විජේවීරයන්ගේ ජීවන කතාව පාදක කොටගත් ගින්නෙන් උපන් සීතල සිනමාපටය රීගල් ප්‍රමුඛ සිනමා ශාලාවන්හි තිරගතවීමට නියමිතය. අනුරුද්ධ ජයසිංහගේ අධ්‍යක්ෂණයෙන් යුතු මෙම සිනමාපටය චමත්කා පීරිස්ගේ නිෂ්පාදනයකි.

එහි මාධ්‍ය දර්ශනය පසුගිය දින ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමා ශාලාවේදී පැවැත්විණි. මේ සඳහා රෝහණ විජේවීරයන්ගේ පුතු උවිඳු විජේවීර ද සහභාගි වීම විශේෂත්වයකි.

කමල් අද්දරආරච්චි ගින්නෙන් උපන් සීතල චිත්‍රපටයේ විජේවීර චරිතයට පණ දෙනු ලබයි. ජගත් මනුවර්ණ, සුලෝචනා වීරසිංහ, සුජීව ප්‍රියලාල්, ප්‍රියන්ත සිරිකුමාර, විශ්වජිත් ගුණසේකර, ජෙහාන් ශ්‍රිකාන්ත් අප්පුහාමි, දිල්හානි ඒකනායක, දීපානි සිල්වා, ප්‍රසන්නජිත් අබේසුරිය, සුරාජ් මාපා, තුසිත ලක්නාත්, චන්ද්‍රසෝම බිංදුහේවා, හංසමාලා ජානකී, මංජුල මොරගහ, අංජන ප්‍රේමරත්න, බුද්ධික ජයරත්න, චින්තක කුලතුංග මෙහි සෙසු ප්‍රධාන චරිත නිරූපණය කරති.

ගින්නෙන් උපන් සීතල සිනෙප්‍රෝ ලංකා ඉදිරිපත් කිරීමකි.

     

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.