සුනාමි සහ ගාඩි බංගලාදේශයේදී එකට ගැටෙයි

දෙසැම්බර් 26, 2019

එළඹෙන ජනවාරි 11 වෙනිදා සිට 19 වෙනිදා දක්වා බංග්ලාදේශයේ ඩකා අග නුවර පැවැත්වෙන 18 වෙනි ඩකා අන්තර්ජාතික සිනමා උළෙලේ (ච්ඩචඬච ධ්දබඥපදචබඪධදචත ජ්ඪතථ ජ්ඥඵබඪමචත) ප්‍රධානතම තරඟකාරී අංශය වන ආසියානු සිනමා තරඟය (ඒඵඪචද ජ්ඪතථ ඛ්ධථනඥබඪබඪධද) යටතේ තරඟ වැදීමට සෝමරත්න දිසානායකගේ "සුනාමි" (ඊඵභදචථඪ) සහ ප්‍රසන්න විතානගේ ගේ "ගාඩි" (ඛ්ඩඪතඤපඥද ධට බඩඥ ඉභද) යන සිනමාපට සුදුසුකම් ලබා ඇත. චීනය, ඉරානය, දකුණු කොරියාව, ඉන්දියාව, තුර්කිය, ශ්‍රී ලංකාව ආදි ආසියානු කලාපීය රටවල් 11 කට අයත් දීර්ඝ වෘත්තාන්ත සිනමාපටය 19ක් මෙවර ආසියානු තරඟ අංශය යටතට ඇතුළත් වේ. මෙහිදී මෙම සිනමාපට 19, උලෙළේ පිරිනමන හොඳම චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂකවරයා, හොඳම නිළිය, හොඳම නළුවා, හොඳම තිර රචනය හා හොඳම කැමරාකරණය යන සම්මාන වෙනුවෙන් තරඟ වදී. "සුනාමි" සහ "ගාඩි" වලට අමතරව ප්‍රදීපන් රවීන්ද්‍රගේ "සවුන්ඩ්ලස් ඩාන්ස්" (ඉධභදඤතඥඵඵ ච්චදජඥ) යන දීර්ඝ වෘත්තාන්ත සිනමාපටය ප්‍රංශ- ශ්‍රී ලංකා හවුල් නිෂ්පාදනයන් ලෙස තරඟකාරි නොවන "ලෝක සිනමාව" (ඛ්ඪදඥථච ධට බඩඥ එධපතඤ) යන අංශය යටතේ තිරගවීමට නියමිත වේ.

"ගාඩී" හා "සවුන්ඩ්ලස් ඩාන්ස්" තිරගතවන හතරවන අන්තර්ජාතික සිනමා උලෙළ ඩකා උලෙළ වන අතර, "සුනාමි" තිරගතවන පළමු අන්තර්ජාතික සිනමා උලෙළ වේ.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
13 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.