මිස් ජෙනිස් එන ලකුණු

ජුනි 11, 2020

මෙරට සිනමාශාලා විවෘත වූ විගස මිස් ජෙනිස් සිනමාපටය තිරගත වීමට නියමිතය. එය සුසිරන් ද සිල්වාගේ අධ්‍යක්ෂණයකි. පුංචි තිරයට මනෝකාය,එකට ගැටුම, ඉසුරු යෝගය වැනි මනස්කාන්ත ටෙලිසිතුවම් ගෙන ආ ඔහුගේ පළමු සිනමාපටය මිස් ජෙනිස්වේ. නැසීගිය විශිෂ්ට රංගවේදී ජයලත් මනෝරත්න කාන්තාවක ලෙසින් අපූරු රංගනයක යෙදෙන මිස් ජෙනිස් සිනමාපටයේ සෙසු ප්‍රධාන චරිත දුලීකා මාරපන, ගිරිරාජ් කෞශල්‍ය, උදාරි පෙරේරා,රොශාන් රණවන, කුමාර තිරිමාදුර ඇතුළු පිරිස පණපොවනු ලබති. අයේශ්මන්ත හෙට්ටිආරච්චි කැමරා අධ්‍යක්ෂවරයාය, ඩොනල්ඩ් ජයන්ත සහාය අධ්‍යක්ෂණයෙන්ද, ලකී විජේවර්ධන කලා අධ්‍යක්ෂණයෙන්ද නලීන් ප්‍රේමතිලක අංග රචනයෙන්ද මිස් ජෙනිස් සිනමාපටයට දායක විය. මේඝ කොලඹගේ සංස්කරණ ශිල්පියාය.

මිස් ජෙනිස් වෝල්ටර් අබේසුන්දරගේ නිෂ්පාදනයකි.

ප්‍රසාද් සමරතුංග - නිශ්ශංක විජේරත්න