විසංගමනය ජපානයට

ජුනි 11, 2020

තෝකියෝ lift off(2020 සිනමාඋළෙලේ අවසන් වටය සඳහා රන්ජන් ප්‍රසන්න අධ්‍යක්ෂණය කළ විසංගමනය සිනමාපටය තේරි පත්ව තිබේ. උලෙළ ඉකුත් මැයි මස අගදී පවත්වන්නට සැලසුම් කොට තිබුණද කොරෝනා වසංගතය නිසා  online  ක්‍රමයට ජුනි මාසය පුරා චිත්‍රපට ප්‍රදර්ශනය වීම සිදුවේ. විනිශ්චය මණ්ඩලය විසින් එහි සම්මානයට පාත්‍ර වන චිත්‍රපට තෝරා ගැනීමෙන් අනතුරුව ජපානයේ තෝකියෝහිදී සම්මාන උලෙළ පැවැත්වීමට නියමිත අතර දිනය ඉදිරියේදී දන්වනු ඇත. විසංගමනය උපේන්ද්‍ර මහේශ් විජේරත්නගේ නිෂ්පාදනයකි. උපාලි ගම්ලත් තිරරචනය කොට තිබේ. ඩග්ලස් රණසිංහ, සේමිණී ඉද්දමල්ගොඩ, සමනලී ෆොන්සේකා, අශාන් ඩයස්, නිරෝශන් විජේසිංහ, හයිසින්ත් විජේරත්න විසංගමනය සිනමාපටයේ නළු නිළියෝය.

ප්‍රසාද් සමරතුංග - නිශ්ශංක විජේරත්න