ආලේ කොරෝනා වැඩ නිමයි

ජූලි 9, 2020

ආලේ කොරෝනා සුව නොවන ආදරයක් නම් තේමාවෙන් ලාංකේය සිනමාවට කොරෝනා වසංගතය පසුබිම් කොට නිමවූ සිනමා නිර්මාණයක සියලු වැඩ අවසන් වී තිබේ.

යු .ඒ පල්ලියගුරු නිෂ්පාදනය කළ ආලේ කොරෝනා චිත්‍රපටයේ අධ්‍යක්ෂණය සංජය නිර්මාල්ගෙනි.

ජෙහාන් අප්පුහාමි හා ඩිෂ්නි රාජපක්ෂ ප්‍රධාන චරිතවලින් දායක වී ඇති අතර වසන්ත විට්ටච්චි, දීපානි සිල්වා, බුද්ධික ජයරත්න යන අයද සහය රංගනයෙන් ද ආලේ කොරෝනා වර්ණවත් කොට ඇත.

තාත්වික ශෛයිලියේ වර්ගයට අයත් ආලේ කොරෝනා ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන්ට නවමු සිනමා අත්දැකීමක් ගෙන එනු ඇතැයි විශ්වාස කළ හැකිය.

විශේෂයෙන් කොරෝනා උවදුර හමුවේ සමස්ත ආර්ථිකයත් සිනමා කර්මාන්තයත් බිඳවැටුණු මොහොතක ලංකාවේ නිෂ්පාදනය වූ පළමු චිත්‍රපටය වන ආලේ කොරෝනා තුළින් කොරෝනා කාලය තුළ තනිවූ අසම්මත යුවළක් හා ඔවුන්ගේ අපූර්වතම දින 42ක කාල පරිච්චේදයත් සමාජ හා ආර්ථිකමය ගැටලු අර්බුද හමුවේ ජීවීත සටන මෙහෙයවූ අත්දැකීම් රැසකුත් නිරූපණය කෙරේ.

සුව නොවන ආදරයක් කොරෝනා කාලය තුළ මාරාන්තික විය හැකිද නැතිද සියල්ල විසඳා ගැනීමට නම් ඔබත් ආලේ කොරෝනා චිත්‍රපටය නැරඹිය යුතුයි. යු .ඒ පල්ලියගුරු තිර රචනය කළ ආලේ කොරෝනා චිත්‍රපටයේ RAP  සංගීත ගායනයෙන් FIL -T R අදිශ බීට්ස් හා රොක් ගායනයෙන් සෙනෙත් දයන්ත දායක වෙති.

ප්‍රසාද් සමරතුංග - නිශ්ශංක විජේරත්න - නිර්මාණි බණ්ඩාරනායක