“විකාරි”ට අන්තර්ජාතික සම්මානයක්

ඔක්තෝබර් 22, 2020

සඳුන් සෙනවිරත්න විසින් නිෂ්පාදනය කරන ලද "විකාරි" කෙටි චිත්‍රපටය අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පැවති ස්ක්‍රීම්ෆෙස්ට් ත්‍රාසජනක චිත්‍රපට උලෙළේ හොඳම කෙටි චිත්‍රපටය ලෙස සම්මානයට පාත්‍ර වී ඇත. එම චිත්‍රපට උලෙළේ තිරගත වූ පළමු ලාංකේය චිත්‍රපටය වූයේ ද මෙයයි.

අශාන් ඩයස්, බිම්සරා ප්‍රේමරත්න සහ බ්‍රිතාන්‍ය රංගන ශිල්පී රිචඩ් ඩී. රොබට්ස් එම චිත්‍රපටයට රංගනයෙන් දායකත්වය ලබා දී ඇත. විද්‍යා ප්‍රබන්ධ කෙටි චිත්‍රපටයක් ලෙස නිපදවුණු විකාරි චිත්‍රපටය තුළින් ලොව පුරා එකම ආකාරයෙන් විකෘති සහිතව ඉපදුණු දරුවන් සහ ඒ හේතුවෙන් ඇතිවන බිය පිළිබඳව නිරූපණය කරයි.