සිනමාව ගැන ඉගෙන ගමු

නොවැම්බර් 12, 2020

මෙරට සිනමා කර්මාන්තය කර්මාන්තයේ නියැළෙන පිරිසට ඩිල් ෆිල්ම්ස් කියන ආයතනය ඉතාම ප්‍රයෝජනවත් තැනක්. දශක ගණනාවක් පුරා ඩිල් ෆිල්ම්ස් ආයතනය අප රටේ සිනමාව වෙනුවෙන් මහඟු මෙහෙවරක යෙදුණා. චිත්‍රපට සංස්කරණය, චිත්‍රපට වර්ණ සංයෝජනය, කැමරා උපාංග ලබාදීම ඇතුළු කර්තව්‍යයන් රැසක් ඩිල් ෆිල්ම්ස් ආයතනය මගින් සිදු කරනවා. එය ආරම්භ කළේ ඩිල්මන් ජයරත්න. වර්තමානයේ ඔහුගේ පුතු ප්‍රවීන් ජයරත්න තමයි ඩිල් ෆිල්ම්ස් ආයතනය පවත්වාගෙන යන්නේ. ප්‍රවීන් කියන්නේ සම්මානනීය කැමරා අධ්‍යක්ෂ වරයෙක්. ඒ වගේම සංස්කරණ ශිල්පියෙක්, වර්ණ සංයෝජන ශිල්පියෙක් ලෙස සිනමාපට රැසකට ඔහු සිය දායකත්වය සැපයුවා. මේ ඩිල් ෆිල්ම්ස් ආයතනය මගින් තවත් පරපුරකට දැනුම බෙදා දීමේ වැඩපිළිවෙළක් කලකට ඉහත දී ආරම්භ කළා. චිත්‍රපටයක පෙර නිෂ්පාදන කටයුතු පටන් ගන්නා තැන සිට එහි ප්‍රදර්ශනය පිටපත ලබා ගන්නා තෙක් කොහොමද වෙන්නේ කියලා ඒ ශිල්ප ක්‍රම සිනමාවට පැමිනෙන්නට ඉන්න නවකයින්ට කියාදෙනවා. ඩිල් ෆිල්ම්ස් සිනෙ ඇකඩමි යනුවෙන් පවත්වාගෙන යන එය ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් කිහිපදෙනෙකුගේ අනුදැනුම යටතෙයි ශිල්ප බෙදාදීම සිදු වන්නේ. මෙය ආධුනිකයින්ට ඉතා හොඳ අවස්ථාවක්.මෙම වැඩපිළිවෙළේ ඊළඟ කණ්ඩායමට නවකයින් බඳවා ගන්නවා කියලා ප්‍රවීන් අපිත් එක්ක කිව්වා. මේ වසංගත තත්වය තත්ත්වය නිමා වූ වහා ම වහා ම එය ආරම්භ වේවි.