වර්ෂ 2021 ක්වූ February 26 වැනිදා Friday
සරසවිය සම්මානිත චිත්රපටි දැක්මක් ඩයලොග් රිදී ටීවී වෙතින්

සරසවිය සම්මාන උලෙළවලදි හොඳම චිත්රපටය සහ හොඳම අධ්යක්ෂණය සඳහා සම්මාන හිමිකරගත් සිනමා නිර්මාණ 13ක් ඩයලොග් රිදී ටීවී චැනල් 18 ඔස්සේ විකාශය කරමින් සිනමා උලෙළක් පැවැත්වීමට එම නාළිකාව කටයුතු යොදා තිබේ.
දෙසැම්බර් මස 22 වැනිදා සිට ජනවාරි 04 වැනිදා දක්වා (දෙසැම්බර් 25 හැර) එම චිත්රපට විකාශය කිරීමට බලාපොරොත්තු නියමිතය.
මෙරට සුවිශේෂී සිනමා සම්මාන උලෙළක් වන සරසවිය සම්මාන උලෙළෙහි සම්මානිත සිනමා කෘති ගුණාත්මන සිනමා නිර්මාණ වන බැවින් කොරෝනා උවදුරෙන් පීඩිතව සිටින ප්රේක්ෂක ජනතාවට 2020 අවසානය වඩාත් රසවත් අත්දැකීමක් ලබාදීම මෙහි අරමුණ වී තිබෙන්න් සිනමා උලෙළ පැවැත්වීමේ අභිලාශය වේ.
දෙසැම්බර් 22 - ගැටවරයෝ
දෙසැම්බර් 23 - ගොළු හදවත
දෙසැම්බර් 24 - හඳයා
දෙසැම්බර් 25 - දඩයම
දෙසැම්බර් 26- කෙලි මඩල
දෙසැම්බර් 27 - බව දුක
දෙසැම්බර් 29 - පුරහඳ කළුවර
දෙසැම්බර් 30 - අස්වැසුම
දෙසැම්බර් 31 - මචං
ජනවාරි 01 - මිල්ලෙ සොයා
ජනවාරි 02 - සාගරයක් මැද
ජනවාරි 03 - සුළං කිරිල්ලි
ජනවාරි 04 - ඔබ නැතුව ඔබ එක්ක