සිනමා අධ්‍යක්ෂවරු දෙදෙනෙක් මන්දාරම් නුවර තනති

දෙසැම්බර් 31, 2020

සම්මානනීය සිනමා අධ්‍යක්ෂවරු දෙදෙනෙක් එකමුතුවෙන් තැනෙන සිනමාපටයක් පිළිබඳ සරසවියට වාර්තා විය. මන්දාරම් නුවර යනුවෙන් කෙරෙන එම සිනමාපටය හා සබැඳෙන අධ්‍යක්ෂවරු දෙදෙනා වන්නේ කැලුම් පාලිත මහීරත්න සහ අරුණ ජයවර්ධනයි. කැලුම් මෙහි අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන අතර තිර රචනය අරුණ ජයවර්ධනගේ අතින් ලියවෙනු ඇත. අතිශය සුන්දර ප්‍රේම කතාවක් වන මන්දාරම් නුවර සිනමාපටයේ රූගත කිරීම් එළඹෙන වසරේ ජනවාරි මස දී මස දී පැවැත්වීමට නියමිතය. නලම්බරේ සිනමාපටය තනමින් සිනමා අධ්‍යක්ෂවරයෙක් ලෙස නමක් දිනූ කැලුම් ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරයකු ලෙස ද ප්‍රකටය. රන්ජන් රාමනායක ප්‍රධාන චරිතය මැවූ නිලම්බරේ සිනමා පටයේ රංගනය වෙනුවෙන් ඔහු හොඳම නළුවා ලෙස සරසවිය සම්මානයට පාත්‍ර විය. අරුණ ජයවර්ධනද අධ්‍යක්ෂවරයෙක් වශයෙන් කටයුතු කරයි. නිකිණි වැස්ස ඔහු නිර්මාණය කළ සිනමාපටය වේ. මෙය හොඳම අධ්‍යක්ෂ, හොඳම චිත්‍රපටයේ ඇතුළු සම්මානය රැසක් දිනා ගැනීමට සමත් විය.