ලිව් ටුගෙදර් විත් කොරෝනා ඉන්දියාවට

දෙසැම්බර් 31, 2020

ඉන්දික වික්‍රමආරච්චි අධ්‍යක්ෂණය කළ ලිව් ටුගෙදර් විත් කොරෝනා කෙටි චිත්‍රපටය ඉන්දියාවේ ICA අන්තර්ජාතික සිනමා උළෙල සඳහා තේරී පත්ව තිබේ. ලොව විවිධ රටවල් 35ක කෙටි චිත්‍රපට මේ සඳහා ඉදිරිපත් කොට තිබිණ. කොරෝනා සමයේ පවුලක් මුහුණ දෙන සිදුවීම් පෙළක් ඇසුරෙන් නිර්මාණය වූ ලිව් ටුගෙදර් විත් කොරෝනා කෙටි චිත්‍රපටය මිනිත්තු 10ක ධාවන කාලයකින් යුක්තය. පාලිත අමරසේකර සහ මංජුලා සමන් කුමාරි මෙහි චරිත රංගනයේ යෙදෙති. ඉන්දික වික්‍රමආරච්චි සිනමා අධ්‍යක්ෂවරයෙක් වශයෙන් කටයුතු කරන අතර සකී සිනමාපටය ඔහුගේ නිර්මාණයකි.