සුරතල් සතුන්ගේ රහස් ජීවිත නැවතත්

The Secret Life of Pets 2
අප්‍රේල් 12, 2019

The Secret Life of Pets චිත්‍රපටය 2016 වසරේ ලොකු කුඩා කාගේත් ආවධානය දිනා ගත් පරිගණක සජිවිකරණ චිත්‍රපටයක්.

එහි දැක්වුණේ නිවෙස් වල හිමිකරුවන් උදෑසන රාජකාරි සඳහා පිටත්ව ගිය පසු එම නිවෙස්වල සිටින සුරතල් සතුන් එක් වී කුමක් කරන්නේ ද යන්නයි. 

අමෙරිකානු ඩොලර් මිලියන 75ක වියදමකින් නිර්මාණය කෙරුණු එය අමෙරිකානු ඩොලර් මිලියන 875.5ක ආදායමක් වාර්තා කළා. 

මේ සුරතල් සතුන්ගේ තවත් වීරක්‍රියාවක් දැක ගන්න අවස්ථාව ලැබෙනවා. ඒ The Secret Life of Pets 2 චිත්‍රපටයෙන්. 

යුනිවර්සල් පික්චර්ස් ඊයේ (අප්‍රේල් 11) එහි ප්‍රචාරක පටය නිකුත් කළා. 

එය සත්ත්ව ජීවිතවල සංවේදී බව කියාපාන අයුරින් නිර්මාණයකර තිබෙනවා. 

ලබන ජූනි 07 වැනිදා The Secret Life of Pets 2  තිරගත කිරීමට නියමිතයි. 

පැටන් ඔස්වලට්, එරික් ස්ටෝන්ස්ට්‍රීට්, හැරිසන් ෆෝඩ්, කෙවින් හාර්ට්, ටිෆනි හාඩිෂ් ඇතුලු පිරිසක් මෙහි හඬ දායකත්වය ලබා දෙනවා. මෙහි රූස්ටර් නම් සුනඛ සුරතලාගේ චරිතයට හඬ දායකත්වය ලබාදීම හැරිසන් ෆෝඩ්ගේ වසර 53ක රංගන ජීවිතයේ පළමු හඬ දායකත්වය යි. 

The Secret Life of Pets 2 චිත්‍රපටය Despicable Me පළමු සහ දෙවැනි චිත්‍රපට, The Lorax වැනි චිත්‍රපට අධ්‍යක්ෂණය කළ ක්‍රිෂ් රිනවුඩ්ගේ අධ්‍යක්ෂණයක්.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.