විජයබා කොල්ලය අගෝස්තු 1 දා

ජුනි 20, 2019

අති දැවැන්ත ඓතිහාසික සිනමා කෘතියක් වන විජයබා කොල්ලය එළඹෙන අගෝස්තු පළමුවැනිදා සිට තිරයට එන බව එහි අධ්‍යක්ෂ මහාචාර්ය සුනිල් ආරියරත්න සරසවිය හා පැවසීය. මහ ගත්කරු ඩබ්ලියු. ඒ. ද සිල්වාගේ අතිශය ජනප්‍රිය විජයබා කොල්ලය ඇසුරෙන් නිර්මාණය වූ මෙය එච්. ඩී. ප්‍රේමසිරිගේ නිෂ්පාදනයකි. විජයබා කොල්ලය සිනමාපටය සඳහා යොදා ගනු ලැබුවේ සම්මානනීය සිනමාකරු නැසීගිය තිස්ස අබේසේකරයන් විසින් ලියූ තිර නාටකයකි.

හේමාල් රණසිංහ, අශාන් ඩයස්, සෙනාලි ෆොන්සේකා, ප්‍රීති රන්දෙණිය, බුද්ධික ජයරත්න, අර්ඩ්ලි වෙදමුණි, චුලක්ෂි රණතුංග, මහාචාර්ය ආරියරත්න කළුආරච්චි, හාන්ස් බිලිමෝරියා, රයන් වැන්රෝයන්, ගැවින් ලුඩොවයික්, ගයනා සුදර්ශනී, මැරියොන් වෙත්තසිංහ, සුනිල් කොස්තා, අජිත් ශාන්ත, අනුරාධ මල්ලවආරච්චි, සචිත්‍ර වීරසිංහ, ධනුෂ්ක ඩයස්, මෙතින් ජයසූරිය විජයබා කොල්ලයේ නළු නිළියෝය.

චන්න දේශප්‍රිය කැමරා අධ්‍යක්ෂවරයාය. බිමල් දුෂ්මන්තගේ කලා අධ්‍යක්ෂණයකි. විමල් දේශප්‍රිය ප්‍රධාන සහාය අධ්‍යක්ෂණයෙන්ද, නිමල් විජේසිරි සේනාධීර නිෂ්පාදන කළමනාකරණයෙන් ද, වෙනුක වික්‍රමආරච්චි ඇඳුම් නිර්මාණයෙන් ද, හර්ෂ මංජුල අංග රචනයෙන් ද, හරුන් ෂයිඩීන් කේශාලංකරණයෙන් ද, තිස්ස සුරේන්ද්‍ර සංස්කරණයෙන් ද මේ සඳහා එක් වූහ. ආචාර්ය රෝහණ වීරසිංහගේ සංගීත අධ්‍යක්ෂණයකි. සංඛ අබේසිංහගේ නර්තන අධ්‍යක්ෂණයකි. සුමුදු අමල්ක සටන් අධ්‍යක්ෂවරයාය. විශ්වනාත් බුද්ධික කීර්තිසේන පරිගණක සජීවිකරණ අධ්‍යක්ෂණයෙන් ද ශෙහාන් කාවින්ද නිශ්චල ඡායාරූපකරණයෙන් ද, ඒ. ඩී. රන්ජිත් කුමාර නිෂ්පාදන හා මාධ්‍ය සම්බන්ධිකරණයෙන් ද විජයබා කොල්ලය සිනමාපටය සඳහා දායක වූහ. ගීත ගායනා උමාරියා සිංහවංශ සහ සනුක වික්‍රමසිංහගෙනි.

Add new comment