චිත්‍රාගාරය ගිනි තබයි

ජූලි 25, 2019

34ක් මරුට

පසුගිය බ්‍රහස්පතින්දා ජපානයෙන් කණගාටුදායක පුවතක් අසන්න ලැබුණා. එනම් කියෝතෝහි පිහිටි කියෝතෝ පරිගණක සජීවිකරණ චිත්‍රාගාරයට ගිනි තැබූ පුවතයි. එක්වරම චිත්‍රාගාරයට කඩාවැදි පුද්ගලයකු විසින් මෙම ගිනි තැබීම සිදුකර ඇති අතර පෙට්‍රල් වාෂ්ප දමා තැබූ ගින්න හේතුවෙන් පුද්ගලයන් 34 දෙනෙකු මරණයට පත් වී 35 දෙනෙකු තුවාල ලබා ප්‍රථිකාර ලබමින් සිටී.

මෙම ගින්න තැබූ පුද්ගලයා ද අත්අඩංගුවට ගෙන තිබෙන අතර ඔහුද පිළිස්සුම් තුවාල ලබා ප්‍රථිකාර ලබමින් සිටී. 41 හැවිරිදි ශින්ජි ඕබා නම් එම පුද්ගලයා විසින් ගිනි තැබීමට හේතුව මෙතෙක් ප්‍රසිද්ධියට පත් කර නොමැති අතර කියෝතෝ චිත්‍රාගාර සේවකයන් පවසා සිටින්නේ, ගිනි තැබූ පසු පලා යාමට පෙර ඔහු විසින් ඔබලා එය කොපි කළා. මා විනාශ කළා. කොල්ල කෑවා වැනි වදන් ප්‍රකාශ කළ බවයි.

කියෝතෝ චිත්‍රාගාර පරිගණක සජීවකරණ අධ්‍යක්ෂ හිඩෙකි හට් පවසන්නේ, ගිනි තැබීමට දින කිහිපයකට පෙර තර්ජනාත්මක ඊමේල් පණිවුඩයක් ලැබුණු බවයි. 1981 වසරේදී පිහිටුවන ලද කියෝතෝ චිත්‍රාගාරය ජපානයේ රූපවාහිනි කතාමාලා, චිත්‍රපට, පරිගණක ක්‍රීඩා සහ ග්‍රැෆික් නවකතා නිර්මාණකරණයේ ප්‍රමුඛත්වයක් උසුලනවා.

   

Add new comment