තාත්තාගේ ‘හතර’ අරන් පුතා තැනූ ‘හතර වරම්’ අගෝස්තුවේ

ජූලි 30, 2020

චතුර පෙරේරා සහ සුරේෂ් කුමාරසිංහ සම අධ්‍යක්ෂණයෙන් දායක වූ හතර වරම් සිනමාපටය එළඹෙන අගෝස්තු මාසයේදී තිරගතවීමට සූදානමින් තිබේ. ඒ එල්. එෆ්. ඩී මණ්ඩලයේ සිනමා ශාලාවන්හිදීය. හතර වරම් සිනමාපටයේ එක් අධ්‍යක්ෂවරයකු වන චතුර පෙරේරා නැසීගිය රංගන ශිල්පී එල්. එම්. පෙරේරාගේ වැඩිමල් පුතුය. එල්. එම්. නළුවකු මෙන්ම අධ්‍යක්ෂවරයෙකි. හතර වචනය රැගත් නාමයන් තබමින් ඔහු චිත්‍රපට හතරක් අධ්‍යක්ෂණය කළේය. ඒ  හතර මහ නිධානය, හතර වටේ, හතර පෙරළිය සහ හතර කේන්දෙර්ය. චතුර ද තමන් අධ්‍යක්ෂණයට දායක වූ පළමු සිනමාපටයට නම යොදා ඇත්තේ ද හතර යන වචනය භාවිත කරමින් ‘හතර වරම්’ යනුවෙනි.

පුබුදු චතුරංග, කුමාර තිරිමාදුර, බන්දුල විජේවීර, තක්ෂිලා සෙව්වන්දි, රජිත හිරාන්, නන්දන හෙට්ටිආරච්චි, ඩී. බී. ගංගොඩතැන්න, සමදරා ආරියවංශ, දිල්කි මිහිරාජි, ප්‍රීති විජේසිංහ, ටෙඩී විද්‍යාලංකාර, අසංක පෙරේරා, අනිල් ජයසිංහ, රවීන්ද්‍ර ප්‍රදීප් ඇතුළු පිරිස හතර වරම් රංගනයෙන් හැඩ කරති. සුජිත් නිශාන්ත කැමරා අධ්‍යක්ෂවරයාය. උභය දිසානායකගේ අංග රචනයකි. අජිත් ප්‍රනාන්දු     නිෂ්පාදන කළමනාකරුය. සමීර මධුශාන් සහ කුමාරි දිසානායාක සහාය අධ්‍යක්ෂවරුන්ය. ලාල් දේවරත්නගේ නැටුම් අධ්‍යක්ෂණයකි. ජෝර්ජ් සේනානායක සංගීත අධ්‍යක්ෂණයෙන් ද, තනුස්ක කහඳවල සංස්කරණයෙන් ද මෙයට දායක වී තිබේ. හතර වරම් සුමනදීප්ත ගුණරත්නගේ නිෂ්පාදනයකි.