ඩොනල්ඩ් ජයන්තගේ චිත්‍රපට 6ක් ඉදිරියට

සැප්තැම්බර් 10, 2020

චිත්‍රපට සහාය අධ්‍යක්ෂ ඩොනල්ඩ් ජයන්ත දායක වූ  සිනමාපට හයක් ඉදිරියේදී තිරගතවීමට නියමිත බව ඔහු සරසවියට දන්වා සිටියි. ඒ මිස් ජෙනීස්, ගින්දරී 3, ආදරයට ආදරෙන්,  සිහින අභිෂේක, ආදර හීනය සහ මන්දාරා වේ. වත්මන් ලාංකේය සිනමා ක්ෂේත්‍රය තුළ වඩාත් කාර්යබහුලම  සහාය අධ්‍යක්ෂවරයා හැටියට නමක් දිනා සිටින්නේ ඔහුය. ඩොනල්ඩ් මේ දිනවලදී ආර්. සදේෂ් කුමාර් නිෂ්පාදනය කරනු ලබන උන්මත්තකයා සිනමාපටයේ දර්ශන තල තෝරා ගැනීම් සඳහා සහභාගි වේ. එයට අමතරව උදයකාන්ත වර්ණසූරියගේ සහ සාජන් පුඤ්ඤසෝම සහ ගිනි අවි සහ ගිනි කෙළි සිනමාපටයන්හි සහාය අධ්‍යක්ෂණයට ඇරැයුම ලැබ සිටිති.