රුවන්ගි රත්කනායක

පෙබරවාරි 20, 2020

රුවන්ගි කොහොම ද විවාහ ජීවිතේ?

හොඳයි. මම මෑතකදි තමයි විවාහය ලියාපදිංචි කළේ. අපි තවම විවාහ උත්සවයක් ගත්තේ නෑ. ඉදිරියේදි විවාහ උත්සවය කලා ලොවේ හැමෝටම ආරාධනා කරලා ලොකුවටම ගන්න බලපොරොත්තුවෙන් ඉන්නවා.

 

සැමියා ගැනත් විස්තර කියමු?

මහත්තයා ව්‍යාපාරිකයෙක්. නම නිර්මල ගමගේ. එයාගෙ ගම ඇඹිලිපිටියෙ වුණාට හැදුණේ වැඩුණේ කොළඹ. පාසල් ගියේ කොළඹ රාජකීය විද්‍යාලයට.

 

කොහොමද දෙන්නා එකතු වුණේ?

අපි දෙන්නා අවුරුදු හතරක් පෙම්වතුන් ලෙස ආශ්‍රය කරලා පස්සේ තමයි මේ විදිහට පසුගියදා කසාද බැන්දේ.

 

ඔබේ කලා කටයුතු වලට ඔහුගෙන් ලැබෙන සහය කොහොමද?

මහත්තයා මගේ ඒ කටයුතු වෙනුවෙන් උපරිම සහයෝගය ලබා දෙනවා. විශේෂයෙන්ම මම රගපාපු ඒවා දිහා බලලා ඒවායේ හරි වැරදි කියනවා. හොද නැති දේට හොද නැ කියලත් කියනවා.

 

විවාහය නිසා ඉදිරියේදි කලාවෙන් ඈත් වෙනවද?

නෑ. මහත්තයා මට එහෙම තහනමක් දාන්නේ නෑ. නිදහස දීලා තියෙනවා ඒ කටයුතු වලට දායක වෙන්න. විවාහ ජීවිතයත් කලාවත් සමබරව කරගෙන යනවා. කලාව නිසා පවුල් ජිවිතේ යුතුකම් හා වගකීම් මග හැරි අඩුපාඩුවක් ඇති නොවෙන්නත් මං වග බලා ගන්නවා.

 

සැමියගේ ව්‍යාපාර කටයුතුවලට ඔබත් සහය වෙනවාද?

ඔව්. මමත් ලොකු සහයෝගයක් ලබා දෙනවා. මට ඉඩකඩ තියෙන හැම වෙලාවකම මගෙන් බලාපොරොත්තුවන සහයෝගය උපරිම අයුරින් ඔහුගේ ව්‍යාපාර කටයුතු වෙනුවෙන් ඉදිරියටත් ලබා දෙනවා.

 

ඔබ දෙපළ එකතුවී ඉදිරියේදි නිර්මාණයක් කිරිමට අදහසක් නැද්ද?

තවම එහෙම අදහසක් නම් නැ.

 

අද ඔබ වෘත්තිය රංගන ශිල්පිනියක් ලෙස තෘප්තිමත්ද?

මම වෘත්තිය රංගන ශිල්පිනියක් ලෙස ගොඩාක් ආසාවෙන් කැමැත්තෙන් තමා මේ කටයුතුවලට දායක වෙන්නේ. අද මම මේ ක්ෂේත්‍රයේ ඇවිල්ලා ඉන්න තැන ගැනත් වෘත්තිය රංගන ශිල්පිනියක් ලෙස අසිමිත තෘප්තියක් ලබනවා.

 

මේ ජනප්‍රියත්වයත් එක්ක අද ඉන්න තැන ගැන ඔබේ අදහස?

ඇත්තටම එහි සතුට කියලා නිමකරන්න බැහැ. 2010 වසරේ ඉදලා මේ දක්වා විවිධ නිර්මාණයන්ට විවිධ අංශයන් ඔස්සේ මාගේ රංගන කලා දායකත්වය ලබා දුන්නා. ඒවායින් ලැබෙන රසික ප්‍රතිචාර ගැන ලොකු සතුටක් දැනෙනවා. මග තොටේදි උනත් බොහෝ අය ඒ නිර්මාණවල රංගන අවස්ථාවන් ගැන මතක් කරලා හොදට කරලා තියෙනවා කිව්වම දැනෙන සතුට මේතරම් යැයි කියලා නිම කරන්න බැහැ.

 

දිගටම රගපාන්නද කැමැත්ත ?

ඔව්. කලාවට සම්බන්ධ වුණ කෙනෙක් දිගටම එහි රැදිලා ඉන්න තමා කල්පනාව. ඉතින් මමත් කවදාවත් මෙයින් අයින් වෙන්න අදහසක් දිගටම රංගන ක්ෂේත්‍රයේ නිරත වෙන්න තමා වැඩි කැමැත්ත. ඇත්තම කිව්වොත් ඒකට ඇබ්බැහි වෙලා ඉන්නේ. දිගින් දිගටම මම රගපාපු නිර්මාණ බලනවා. ඊට වඩා වෙනස් වෙනස් විදිහේ චරිත වලට දායක වෙලා ප්‍රේක්ෂකයින් හමුවට එන්න තිබුනා නම් හොදයි කියලත් හිතෙනවා. ඉතින් මේ විදිහට දිගින් දිගටම රංගනයට ඇබ්බැහි වෙලා. අසිමිතව ඒකේ නිරත වෙන්න තමයි වැඩි කැමැත්ත. 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.