කොළඹ අන්තර්ජාතික කාන්තා සිනමා උලෙළ ඉරිදා ඇරඹෙනවා

අනෝමා රාජකරුණා
මාර්තු 12, 2020

අන්තර්ජාතික කාන්තා දිනය යෙදී තිබෙන්නේ මාර්තු 08 වැනිදාටය. මෙවරද ලොව සෑම රටකම පාහේ ඒ වෙනුවෙන් විශේෂ සැමරුම් පැවති අතර ශ්‍රී ලංකාවේද කාන්තාවන් සවිබල ගැන්වීමේ වැඩසටහන් රැසක් සංවිධානය වී තිබුණි. ඒ අතර කාන්තාවන් වෙනුවෙන් සංවිධානය වන සිනමා උලෙළක් ද වේ. ඒ අනුව සිනමාවේ කාන්තා දායකත්වය පිළිබඳ අවධානය යොමු කරමින් දෙවැනි වරටත් ඛ්ධතධථඡධ ධ්දබඥපදචබඪධදචත එධථඥද'ඵ ජ්ඪතථ ජ්ඥඵබඪමචත ලබන 15 වැනිදා සිට 22 දක්වා කොළඹදී පැවැත්වීමට නියමිතව ඇත. රටවල් 28ක් නියෝජනය කරමින් චිත්‍රපට 60ට ආසන්න සංඛ්‍යාවක් තිරගත කිරීමට නියමිත එහිදී තරගකාරි අංශය යටතේ ජාත්‍යන්තර සහ ජාතික වශයෙන් හොඳම කෙටි චිත්‍රපට ද්විත්වය වෙත සම්මාන පුද කිරීමට කටයුතු යොදා ඇත. කෙටි චිත්‍රපට අධ්‍යක්ෂිකා අනෝමා රාජකරුණා මෙම චිත්‍රපට උලෙළේ නිර්මාණාත්මක අධ්‍යක්ෂ ලෙසින් කටයුතු කරන්නීය.

මෙවර චිත්‍රපට උලෙළේ අන්තර්ගතය ගැන පැහැදිලි කළොත්?

කොළඹ අන්තර්ජාතික කාන්තා චිත්‍රපට උලෙළ ආරම්භ වන්නේ ඇන්ටිගනි නම් ග්‍රීක නාට්‍ය ඇසුරෙන් එම නමින්ම නිර්මාණය වූ කැනේඩියානු චිත්‍රපටයකින්. ටොරෙන්ටෝ චිත්‍රපට උලෙළේ හොඳම චිත්‍රපටයට හිමි සම්මානය දිනා කැනඩාවෙන් මෙවර ඔස්කාර් සම්මාන උලෙළ නියෝජනය කළ චිත්‍රපටය වන්නේද එයයි. වර්තමාන කැනඩාවේ සිදුවීම් පෙළක් ඔස්සේ නිර්මාණය වුණු එහි සරණාගතයන්, නිලධාරිවාදය, මනුෂ්‍යත්වය සහ සහෝදර ප්‍රේමය පිළිබඳ කතාබහට ගැනෙනවා. උලෙළ සමාප්තිය සනිටුහන් කිරීමට අපර්ණා සෙන් අධ්‍යක්ෂණය කළ ‘ට්ඩචඹපඥ ඕචඪපඥර ඒචණ’ චිත්‍රපටය සූදානම් කර තිබෙනවා. රබීන්ද්‍රනාත් තාගෝර් විසින් රචිත නිවහස සහ ලෝකය කෘතිය ඇසුරු කරගනිමින් කල්කටාවේ අද දවසේ කතාපුවතක් ඒ ඔස්සේ ගෙන එනවා. ජාත්‍යන්තර සහ ජාතික වශයෙන් හොඳම කෙටි චිත්‍රපට ද්විත්වය වෙනුවෙන් සම්මාන පිරිනැමීමට නියමිත අතර ඒ වෙනුවෙන් ජාත්‍යන්තර ජූරියක් ක්‍රියාත්මකයි. මෙවර ප්‍රත්‍යවලෝකන සිනමා දැක්ම වෙන් වෙන්නේ ප්‍රංශය වෙනුවෙන්.

ඇෆ්ගනිස්ථානය, බංග්ලාදේශය, බෙල්ජියම, භූතානය, බොස්නියාව සහ හර්සෙගෙවීනා, බල්ගේරියා, කොස්ටාරිකා, ඩෙන්මාර්කය, ස්තෝනියාව, ෆින්ලන්තය, ප්‍රංශය, ජර්මනිය, ඉන්දියාව, ඉරානය, ඉරාකය, ඉතාලිය, නේපාලය, නොර්වේ, පකිස්තානය, පෝලන්තය, ස්ලොවැකියාව, සිංගප්පූරුව, ශ්‍රී ලංකාව, ස්වීඩනය, නෙදර්ලන්තය, බ්‍රිතාන්‍ය සහ අමෙරිකා එක්සත් ජනපදය යන රටවල් මෙවර චිත්‍රපට උලෙළට සහභාගි වී සිටිනවා.

මෙවර යාවජීව සම්මානය පුද කරන්නේ කවුරුන් වෙනුවෙන්ද ?

එය ඉන්දීය ජ්‍යෙෂ්ඨ සිනමාකාරියක වන අපර්ණා සෙන් වෙත පිරිනැමීමට කටයුතු යොදා තිබෙනවා. ඇය අපේ කලාපයේ චිත්‍රපට රැසක් අධ්‍යක්ෂණය කළ සිනමාකාරියක සේම අදටත් සිනමාකරණයේ නියැලී සිටින්නියක් ලෙසින් විශේෂයි.

සිනමා දර්ශන සහ පුහුණු වැඩමුළු පැවැත්වීම පිළිබඳ කෙටි පැහැදිලි කිරීමක් කළොත්?

ජාතික චිත්‍රපට සංස්ථා සිනමා ශාලාව, ජර්මන් සංස්කෘතික මධ්‍යස්ථානය, ඉන්දීය සංස්කෘතික මධ්‍යස්ථනය, ප්‍රංශ සංස්කෘති මධ්‍යස්ථාන සහ කොළඹ 07 එම්පයර් සිනමා ශාලාවේදී සිනමා දර්ශන පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. ආරම්භක සහ සමාප්ති චිත්‍රපට දර්ශන පැවැත්වෙන්නේ කොළඹ රීගල් සිනමා ශාලාවේදීයි. සඳුදා සිට සිකුරාදා පෙරවරු 10.00 සිට 12.00 දක්වා පුහුණු වැඩමුළු පැවැත්වෙන්නේ ජර්මන් සංස්කෘතික මධ්‍යස්ථානයේදීයි. ඒ වෙනුවෙන් ජර්මන් ජාතික සිනමාකාරිණියක වන තත්යානා ටුරාන්ස්කි (ඊචබණචදච ඊභපචදඵඬරණ) සහභාගිවීමට නියමිතයි.

පළමු සම්මාන උලෙළ ගැන සිහිපත් කළොත්?

ලෝක සිනමා උලෙළවල පවා වැඩසටහන් සම්පාදනයේදී ක්‍රියාකාරී කාන්තා දායකත්වය සුවිශේෂයි. පසුගිය වසරේදී කාන්තාවන් එක් වී කාන්තාවන් වෙනුවෙන් සංවිධානය කළ මෙම සිනමා උලෙළට මෙරට චිත්‍රපට අධ්‍යක්ෂණය, නිෂ්පාදනය, සංගීත අධ්‍යක්ෂණය, රංගනය ආදි විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරමින් කාන්තාවන් රැසකගේ දායකත්වය ලැබුණා. ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව කොළඹදී එය පවත්වන්නට අපිට හැකි වුණා. යාපනය ජාත්‍යන්තර සිනමා උලෙළේදි ලද පන්නරය සමඟින් ඉදිරියට පැමිණ කාන්තාවන් ගැන කතා කරන සිනමා උලෙළක් ලෙස එය සාර්ථක වුණා. ඒ වගේම එහිදී ර්ඥද ටධප එධථඥද (කාන්තාවන් වෙනුවෙන් පිරිමි) නමින් කෙටි කාලයක් වෙන් කළා. එහිදී කාන්තාවන් වෙනුවෙන් පිරිමි නිර්මාණය කළ සිනමා කෘති අවධානයට ලක් කෙරුණා. අපේ සිනමාවත් ස්ත්‍රී කේන්ද්‍රීය සිනමාවක්. ඒ තුළ ප්‍රධාන චරිත වශයෙන් ගෙන තෝරාගත් නිර්මාණ කිහිපයක් පිළිබඳ සංවාදයක් පැවැත්වුණා.

වර්තමානය වන විට සිනමාවේ කාන්තා දායකත්වයේ ඔබ දකින වෙනස?

ලංකාවේ වැඩි වශයෙන් පවතින්නේ අධක්ෂවරියන් නැහැ කියන මතය තමයි. කොළඹින් පිට ප්‍රදේශ ගත්තොත් කෙටි චිත්‍රපට හරහා සිනමාවට අධ්‍යක්ෂවරියන් පිවිසෙනවා. පසුගිය වසරේදී එවැනි චිත්‍රපට අටක් ප්‍රදර්ශනය කළා. ඒ වෙනුවෙන් ඇඹිලිපිටිය වැනි ප්‍රදේශවලින් පවා සිනමාකාරිනියන් ඉදිරිපත් වුණා. ඉතින් අපේ රටේ සිනමාකාරිනියන් නැහැ කියන්නේ පුරුද්දට වගේ. මෙවර සිනමා උලෙළෙදීත් එවැනි සිනමා නිර්මාණ පහළොවක් තිරගත කිරීමට නියමිතයි. ලිංගික බලය සහ සමාජය ඔස්සේ කාන්තාවන්ට එල්ලවන බලපෑම්, අධ්‍යාපනයට සරිලන රැකියා නොමැතවීම, පවුල තුළ ගැහැනු දරුවන් ආරක්ෂා කිරීමේදී මුහුණ දෙන ගැටළු වැනි දේ මෙම නිර්මාණ ඔස්සේ සංවාදයට ගැනෙනවා.

යතේජා ඥානරත්න

Add new comment