වර්ෂ 2024 ක්වූ March 19 වැනිදා Tuesday
ඇයත් එක්ක රඟපාන්න බොහොම කැමැත්තෙන් ඉන්නවා
ඇය රංගනයට පිවිසෙන්නේ වයස අවුරුදු පහළොවේදී පමණය. ඇය සිය රංගන හැකියාව පළමුව ඉදිරිපත් කිරීමට තෝරාගනු ලබන්නේ වේදිකාවයි. දිගින් දිගටම ඇය වේදිකා නාට්‍යයන්හි රංගනයේ යෙදෙයි. ඔය අතරතුරදී ඇයට ටෙලි සිතුවමකට ආරාධනා ලැබෙයි. ඒ මූණු පොතට ඇය ඇතුළත් කොට තිබූ ඡායාරූපයක් නිර්මාණකරුවෙකු දැකීම හේතුවෙනි නිලූ සමරනායක නැමැති ඇය රංගනයෙන් දායක වූ පළමු ටෙලි නාට්‍ය වන්නේ කඩදාසි ඔරු ටෙලි සිතුවමයි.
නිලූ රඟපෑ තවත් ටෙලි සිතුවමක් මේ දිනවලදී විකාශය වේ. ඒ දෙරණ නාලිකාවේ විකාශය වන ධරණීය. එහි රිද්මා ලෙස ඇය චරිත රංගනයේ යෙදෙයි. රිද්මා නිසා ඇය තවත් ජනප්‍රිය වී ඇති සැටියකි.
ඉතින් නිලූ කොහොමද?
මට නිලූ කියලා කතා කළාට වැඩි දෙනකු මාව හඳුනන්නේ සිතාරා කියන නමින්.
එතකොට මොකක්ද ඔබේ ඇත්ත නම?
නිලූ සමරනායක තමයි ඇත්ත නම. පොඩි කාලේ ඉඳලා මට ගෙදර අය කතා කළේ සිතාරා කියලා. ඒ නම හරියට මගේ පෙට් නේම් එක වගේ. නිලූ සමරක්කොඩි කියලා ඩ්‍රාමවල ටයිට්ල්වල භාවිත කළාට ක්ෂේත්රයේ අයත් මාව හඳුනන්නේ සිතාරා කියන නමින්.
ධරණි නිසා ඔබ ගොඩක් ජනප්‍රියත්වයට පත් වෙලා නේද?
ඇත්තටම මම රඟපාපු නාට්‍ය කිහිපයක්ම එන්න තියෙනවා. ඒ අතරින් ධරණී ඉතා ඉක්මනට විකාශය වුණා. රිද්මා කියන්නෙත් වෙනස්ම චරිතයක්. ධරණි නාට්‍යයේ ප්‍රධාන චරිතය වන තරුමිණිට නිතරම කරදර කරන්නේ රිද්මාගේ සැමියා. හස්බන්ඩ් නිතරම ගැහැනු ළමයින්ට කරදර කරනවා කියලා ඇය දන්නවා. රිද්මා බොහෝ අවස්ථාවන්වලදී සාධාරණ තීරණ ගන්න තමයි බලන්නේ. ඉතින් මේ චරිතය නිසා මම ඇත්තටම නොසිතූ විරූ ලෙසට ජනප්‍රියත්වයට පත් වුණා. ගොඩක් දෙනෙක් මට දැන් ඇත්තට සිතාරා කියලා කතා කරන්නෙත් නැහැ. රිද්මා කියලා තමා කතා කරන්නේ. මට එස්. එම්. එස්. එන්නේ ඒ වගේම ටචජඥඡධධඬ-ථඥඵඵඥදඨඥප වලින් ගොඩක් අය කතා කරන්නෙ රිද්මා කියලා.
ඔබ දැන් වේදිකා නාට්‍ය රංගනයේ නියැළෙන්නේ නැද්ද?
ටෙලි නාට්‍ය රඟපෑම නිසා මට ඒ පැත්තට වැඩිපුර යොමු වෙන්න බැරි වුණා. මගේ ගම රත්නපුර. මම ප්‍රාදේශීය මට්ටමේ වේදිකා නාට්‍ය රැසක රඟපෑවා. ඔය අතරතුර දී ඇලන්ගේ සිහිනය කියන වේදිකා නාට්‍යය හරහා මම ප්‍රසිද්ධ වේදිකාවට එනවා. ඒක රාජ්‍ය සම්මාන දිනපු නාට්‍යයක්. ඒකෙ ඇලන් කියන ප්‍රධාන චරිතය රඟපෑවේ මම. පසුව මම ටෙලි නාට්‍යවලට සම්බන්ධ වෙන්නෙ ෆේස්බුක් එකට මම දාලා තිබුණු පින්තූරයක් දැකලා. නැතුව මම කාගෙන්වත් රඟපාන චාන්සස් ඉල්ල ගෙන ගියේ නැහැ. ක්ෂේත්රයේම ටෙලි නාට්‍ය කරන අපේම සහෘදයන් පිරිස තමයි ඊළඟට මට හැම නාට්‍යයකටම අවස්ථාව දුන්නේ. මේ තත්ත්වය නිසා තමයි වේදිකා නාට්‍ය මඟහැරුනේ. නමුත් වේදිකා නාට්‍යයක රඟපාන්න හරිම ආසාවෙන් ඉන්නවා.
ඔබ වෘත්තීය රංගන ශිල්පිනියක් නෙවෙයි?
ඔව්. මම රූපලාවණ්‍යාගාරයක් පවත්වාගෙන යනවා. මම වෘත්තීමය රූපලාවණ්‍ය ශිල්පිනියක්. මම ඒ පිළිබඳ විදෙස් රටවලින් විධිමත් ලෙස හදාරලා තියෙනවා.
එතකොට ඇයි ඔබ රඟපාන්න ආවේ?
රඟපෑමේ හීනයක් මට තිබුණා. මම පොඩි කාලේ සබීතා පෙරේරා මහත්මිය විදිහට ඇඳලා ගෙදර අය ඉස්සරහ රඟපානවා. ලොකු වුණාම කවුරු වෙනවද කියලා අහපුවාම මම දෙන උත්තරේ මම සබීතා වගේ වෙනවා කියලායි. එහෙම ආසාවක් තමයි රඟපෑමට තිබුණේ.
සබීතා පෙරේරා නැමැති අපේ ආදරණීය රංගන ශිල්පිනිය ඔබට මුණ ගැසිලා තියෙනවාද?
අනේ නැහැ. මම ඇයත් එක්ක රඟපාන්න බොහොම කැමැත්තෙන් ඉන්නවා. පසුගියදා සුනිල් ටී. ප්‍රනාන්දු මහත්මයාගේ උපන්දිනයට උත්සවයක් තිබුණා. මටත් ඒකට ආරාධනා ලැබුණා. මම එදා විශේෂයෙන්ම ගිහින් මඟ බලාගෙන හිටියා සබීතා මහත්මිය එනවද කියලා. නමුත් ඇය එදා ඇවිත් හිටියෙ නැහැ.
ඔබ රඟපෑ නිර්මාණ පෙළ මතක් කළොත්?
මේ දවස්වල මම ඉන්න තවත් නාට්‍යයක් ටෙලිකාස්ට් වෙනවා. ඒක එරංග සේනාරත්න මහත්මයගෙ ඉලන්දාරියෝ. සියත නාළිකාවේ තමයි විකාශය වන්නේ. එකෙත් මම කැපී පෙනෙන චරිතයක් රඟපානවා. කඩදාසි ඔරු තමයි ඊළඟට විකාශය වන්නට නියමිත නාට්‍යය. ඒකෙ මම දමිතා මිස් කියලා ගමේ ගුරුවරියක් ලෙසයි රඟපාන්නේ. රාක්ෂ අසපුව කියලා මේ දවස්වල මම චිත්‍රපටයකත් රඟපානවා.
ධරණි නාට්‍යයේ රඟපාන්න ගිහිල්ලා වෙච්ච අමතක නොවන අත්දැකීම් මොනවද තියෙන්නේ?
සාමාන්‍යයෙන් මම ධදඥ බචඬඥ හෝ බධ බචඬඥ මගේ රංගනය ඉදිරිපත් කරනවා. ඒක මගේ හැටි. ධරණී නාට්‍යයේ එක්තරා දර්ශනයක් තිබුණා මම කේන්තියෙන් වාඩිවෙලා ඉන්න පුටුවෙන් නැගිටින. ඒ වෙලාවේ මම කොච්චර සැරට නැගිටිනවද කියලා කිව්වොත් එහෙම හැම අවස්ථාවකදීම මම වාඩිවෙලා හිටපු පුටුව වැටුණා. ඒ නිසා නිසා ඒ දර්ශනය කිහිප සැරයක්ම ගන්න වුණා. මට ඒ අවස්ථාව අමතක වෙන්නේ නැහැ. ඒ වගේම මම හරිම සංවේදී කෙනෙක් ලෙසට ක්ෂේත්රයේ ප්රකටයි. සාමාන්‍යයෙන් කෙනෙක් මට සැරට මොනව හරි කිව්වොත්, උදාහරණයක් විදියට ගත්තොත් අපේ කැමරා ශිල්පියෙක් මොනවා හරි සැරට කිව්වොත් මගේ ඇස් දෙකට කඳුළු පිරෙනවා.
ඒක ඔබට අවාසියක් නෙමෙයිද?
ඔව්. එක අතකින් ඒක අවාසියක්. නමුත් මම ටක් ගාලා ඒ කඳුළු පිහදාගෙන ආයෙත් මූඩ් එකට එන්න පුළුවන්. එහෙම හැකියාවකුත් මට තියෙනවා.
ඔබ රඟපාන්න කැමැත්තෙන් ඉන්න නළුවෙක් හෝ නිළියක් ඉන්නවාද?
සබීතා මහත්මියත් එක්ක රඟපාන්න ආසයි. ඒ වගේම හේමාල් රණසිංහ එක්ක චරිතයක් කරන්න ආසයි.
ඔබේ ගම රත්නපුරේ කියලා කලින් සඳහන් කළා. ඉගෙන ගත්ත පාසලත් මතක් කළොත්?
පැල්මඩුල්ල මහින්ද විද්‍යාලයෙන් තමයි මම ඉගෙන ගත්තේ.
උපන් දිනයක් සඳහන් කරමු?
මාර්තු විසි හතර