‘අලි මදිවට කොටි’ තුන් තේරවිල්ලක් නෙවෙයි

සැප්තැම්බර් 26, 2019

‘දෙවොල් යකෙක්’, ‘සෙමිටිරියේ භූතයෝ’, ‘යකා මළා’, ආදී ජනප්‍රිය නාට්‍ය රැසක් හෙළ වේදිකාවට දායාද කළ එස්. විජේසිංහගේ නවතම වේදිකා නාට්‍යය ‘අලි මදිවට කොටි’ වේ. එය සැප්තැම්බර් 27 සවස ලුම්බිණි රඟහල් ශාලාවේදී වේදිකා ගත වේ.

මිලින්ද පෙරේරා, උදය කුමාරි, ජයතිලක හේරත්, සුජීව සමන්, දයානන්ද හේවගේ, අරෝෂා දමයන්ති, සුසන්ත පුෂ්පකුමාර ආදී ජනප්‍රිය නළු නිළි රැසක් රංගනයෙන් දායක වේ.

1984 සිට මේ දක්වා විවිධ තේමාවන් ඔස්සේ කළ නිර්මාණ අතරින් ‘අලි මදිවට කොටි’ විශේෂත්වයක් ගන්නා අපූරු නාට්‍යයකි. මේ ඒ නාට්‍යකරුවා සමඟ කළ කෙටි කතාබහකි.

නාට්‍යය ගැන කිව්වොත්?

අලි මදිවට කොටි නාට්‍යය ඉතාමත් සුන්දර සරල විමෝදාත්මක පෙළ ගැස්මක් ලෙස හඳුන්වන්න පුළුවන්. බාහිර ලෝකයෙන් මිදිලා පැය දෙකක රස වින්දනයක් ලබා ගන්නයි ප්‍රේක්ෂකයින් නාට්‍යයක් නරඹන්න එන්නේ. තියෙන ප්‍රශ්න වැඩි කර ගන්න නෙමෙයි. කොටින්ම කිව්වොත් නාට්‍යයක් කියන්නේ තුන් තේරවිල්ලක් නොවිය යුතුයි.

ඔබ ගැන කෙටි හැඳින්වීමක් කරන්න?

මුලින්ම දෙමටගොඩ අනුරුද්ධ මහ විද්‍යාලයෙන් අට වසර වෙනකම් ඉන්පසු සහිරා විද්‍යාලයෙනුත්, පේරාදෙණිය සාරානන්දයෙනුත් උසස් අධ්‍යාපනය හැදෑරුවා. තමන්ගේ දක්ෂකමෙන්ම නාට්‍ය රචනයට පිවිසිලා 1984 දී ‘සසර පුරුද්ද’ භාතිය මදනායක, සමදරා ආරියවංශ වැනි ප්‍රවීණ කලාකරුවන් සමඟ ද, ඊට පසු ‘දෙවොල් යකෙක්’ හොඳම රචනය ඩේෂන් අමරසිංහ, ප්‍රේමසිරි කල්පගේ, කේ. ඒ. පියකරු රංගනයෙන් දායක වුණා. ජේ. ඒ. දොඩංවල සංගීතයෙන්ද 1984 දී මැයි මස පුරා මාසයක් තුළ පැවති ටවර්හෝල් නාට්‍ය උලෙළේදී මැයි 10 දින රඟ දැක් වූ ‘දෙවොල් යකෙක්’ බෞද්ධ තේමාවක් යටතේ නිර්මාණය වූ නාට්‍යයක් නිසා එවකට හිටපු අග්‍රාමාත්‍ය ආර්. ප්‍රේමදාස මහතාගේ ප්‍රශංසාවට පවා ලක් වුණා. ඉන් පසු ‘යකා මළා’ තවමත් රට වටේ ප්‍රදර්ශනය කරමින් ඉතාමත් අමාරුවෙන් සිය වෙනි දර්ශනය කරා ළං වෙමින් සිටිනවා.

ඔබ ගත් සම්මාන?

1984 හොඳම රචනය සඳහාත් ඉන් පසු කලා භූෂණ රාජ්‍ය සම්මානයත්, විශ්වාභිනන්දන හා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් සම්මාන රැසකුත් මේ වෙන කොට ලබාගෙන තියෙනවා.


සුළඟ අප රැගෙන යාවි කතාබහ

CSR කලාකෙත මඟින් සංවිධානය කරනු ලබන සිනමා කතිකාවක් සහ සිනමා ප්‍රදර්ශනයක් මෙම මස 28 වැනිදා සවස මරදාන ඩීන්ස්පාරේ අංත 281 දරන ස්ථානයේ පිහිටි සමාජීය සහ සාමයික කේන්ද්‍රයේ ශ්‍රවණාගාරයේදී පැවැත්වේ. නුවන් ජයතිලකගේ සුළඟ අප රැගෙන යාවි චිත්‍රපටය මෙදින ප්‍රදර්ශනය වනු ඇත. අජිත් පැරකුම් ජයසිංහ, අජිත් ගලප්පත්ති, ශෝන් මැක්සිමස් දිසානායක මෙහිදි කතිකාවත හි අදහස් දක්වනු ලබයි. නුවන් ජූඩ් ලියගේ සභාව මෙහෙයවීමට නියමිතය.


චන්ද්‍රලතා ලියනගේ ගුණ සමරුව 29 දා බෞද්ධයා රූපවාහිනියේදී

ගුරු විදුහල් කථිකාචාරිනියක, විදුහල්පතිනියක, පෙළ පොත් සම්පාදකවරියක සහ ගත් කතුවරියක ලෙස දශක 5 කට අධික කලක් විශිෂ්ට මෙහෙවරක් ඉටු කළ කලා භුෂණ චන්ද්‍රලතා ලියනගේ ගේ තෙවර්ෂ පූර්ණ ගුණ සමරු පින්කම මේ මස 29 වැනි ඉරිදා පෙරවරු 9.30 ට කොළඹ සම්බෝධි විහාරස්ථ බෞද්ධයා රූපවාහිනී පරිශ්‍රයේදී පැවැත්වේ.

 

දකුණු තලංගම මයුරපාද පිරිවෙන් මහා විහාරාධිපති, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ නියෝජ්‍ය ලේඛකාධිකාරී, ආචාර්ය වලේබොඩ ගුණසිරි නා හිමිපාණන් වහන්සේ ධර්ම දේශනාව පවත්වති. රෝද පුටු සහ අසරණ දරුවන්ට පොත්පත් පරිත්‍යාගයක් ද එදින සිදු කෙරේ.

ප්‍රසාද් 
නිශ්ශංක

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.