වර්ෂ 2019 ක්වූ December 07 වැනිදා Saturday
16 වැනි රිදී රැයක් 23 දා

16 වැනි 'රිදී රැයක්' ප්‍රසංගය ලබන 23 වැනිදා පස්වරු 6.30 ට කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත. සිනේ ස්ටාර් පදනම විසින් මෙරට කලාකරුවන්ගේ සුබසිද්ධිය උදෙසා සංවිධානය කෙරෙන මෙම ප්‍රසංගය වෙනුවෙන් අනුග්‍රහය ලබා දෙන්නේ ඩයලොග් සමාගමයි. මෙවර ප්‍රසංගයේ නර්තන වින්‍යාසය, අධ්‍යක්ෂණය සහ සංකල්පය ප්‍රවීණ නර්තනාචාර්ය චන්න විජේවර්ධන විසිනි.
මාලිනී ෆොන්සේකා, රවීන්ද්‍ර රන්දෙණිය, ශ්‍රියාණි අමරසේන, වීණා ජයකොඩි, ක්ලීටස් මෙන්ඩිස්, සංගීතා වීරරත්න වැනි ප්රවිණ ශිල්පීන් ශිල්පිනියන් පිරිවරා විචිත්‍රවත් නර්තනාංග සහ සංගීතය සමඟින් මෙරට කලාකරුවන් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්වීමට නියමිතය. ලාංකේය කලාකරුවන් රැසකගේ කලා හැකියාවන් එකම වේදිකාවක ගෙනහැර දක්වන රිදී රැයක් ප්‍රසංගයේ ආදායමෙන් ගොඩ නැංවෙන අරමුදල කලාකරුවන්ගේ සුබසිද්ධිය උදෙසා වෛද්‍ය හා ජීවිත රක්ෂණ මෙන්ම අපහසුතා මධ්‍යයේ දිවි ගෙවන වියපත් කලාකරුවන් වෙනුවෙන් සහන දීමනා පිරිනැමීමට වෙන් වී ඇත. එමෙන්ම ස්වභාවික විපත්, අපදා අවස්ථාවලදී කලාකරුවන්ට උපකාර කිරීම ද සිනේස්ටාර් පදනමේ රිදී රැයක් අරමුණු අතර වේ.