ඇය නිරුවත ප‍්‍රතික්ෂේප කරන්නේ නැහැ

ගිරිදේවි නිෂ්පාදක-ශ‍්‍රීනාත් පෙරේරා
මැයි 28, 2020

ගිරිදේවි නිෂ්පාදක-ශ‍්‍රීනාත් පෙරේරාමේ දිනවල විකාශය වන ටෙලිනාට්‍ය දෙකතුනක් කෙරෙහි වඩා වැඩි පේ‍්‍රක්ෂක අවධානයක් යොමුවී තිබේ. එය එසේ වන්නේ එම නිර්මාණ යථාර්ථවාදී නිසා බව බොහෝ දෙනාගේ මතයයි. එමෙන්ම තිබ්බා ගැහුවා ටෙලියක් මෙන් නොව එකී නාට්‍යවල සුළු දර්ශන පවා මහන්සි වී රූපයට නඟා තිබෙනු දක්නට ලැබේ.

ස්වාධීන රූපවාහිනිය ඔස්සේ සති අන්තයේ විකාශය වන ගිරිදේවි එම කුලකයට වැටෙනා ටෙලි නිර්මාණයකි. ඉන්දික ධර්මතිලක නැමැති යොවුන් අධ්‍යක්ෂවරයා ගිරිදේවි නිර්මාණකරුය. සහාය අධ්‍යක්ෂවරයකු ලෙසට අත්දැකීම් බහුල අයෙකු වූ ඉන්දිකගේ කුලූ‍ඳුල් ටෙලි නිර්මාණය වන ගිරිදේවි නිෂ්පාදනය කරනු ලැබුවේ ශ‍්‍රීනාත් පෙරේරා විසිනි. අපි එම නිෂ්පාදකවරයාට පුවත්පතේ මෙලෙස ඉඩක් වෙන්කොට දුන්නෙමු.

ශ‍්‍රීනාත්,ඔබ ගිරිදේවි වගේ නාට්‍යක් නිෂ්පාදනය කරන්න පෙලඹෙන්නේ ඇයි?

මේක මගේ පළමු නිෂ්පාදන කාර්ය නෙවේ. මීට කලින් නිර්මාණ කිහිපයක් කරලා තියනවා. දිගු කාලයක් තිස්සේ ගිරිදේවි එහචැ එකේ නිර්මාණයක් කරන්න උත්සහ කරමින් හිටියේ. එතකොට තමයි ඉන්දික සහ කැමරා අධ්‍යක්ෂ .... මාව හමුවන්න එන්නේ ගිරිදේවි කතාව අරන්. මම මුලින්ම මේ පොත කියෙව්වා. ශාන්ති දිසානායකනේ ඒකේ ගත්කතුවරිය. සමන්ත කුමාර ගමගේ තමයි රූපවාහිනියට රචනා කළේ. මට ඒ පොත කියෙව්වාම හරිම ආස හිතුණා. මම ආස කරන ගණයේ නිර්මාණයක් නිසා නිෂ්පාදනය කරන්න බාර ගත්තා.

කතාවේ ප‍්‍රධාන චරිතය ආශා ගැනත් ඔබට කියන්න යමක් ඇති?

ආශා...ඇය වගේ චරිත සමාජයට වැඩිය පේන්නේ නැහැ. ආශා කියන්නේ සමාජය දැකිය යුතු චරිතයක්. ඇය නිරුවත ප‍්‍රතික්ෂේප කරන්නේ නැහැ. අපි මෙහෙම හිතමු. ඇය බිම වාඩි වෙනවා කියලා හිතන්න. එතකොට ගවුම පොඞ්ඩක් උඩට ගිහින් කකුල නිරාවරණය වුණාට ඇයට ගානක් නැහැ. හැබැයි ආශා දකින දකින මිනිහට පතිවත පූජා කරන කෙනෙක් නෙවේ. ඇය ඊට බෙහෙවින් ගරු කරනවා. මෙතනින් එහාට මම ආශා ගැන කිව්වොත් නාට්‍ය රසයට හානියක් වෙනවා.

ටෙලි නාට්‍යක් කරනවා වගේ නෙවේ ඒක විකාශය කරගන්න ගියාම. මේ තත්ත්වය මත බයක් හිතුණේ නැද්ද වැඩකට අතගහන්න?

ඇත්තටම බයක් හිතුණා. නැහැ කියලා කිව්වොත් ඒක බොරුවක්. ගිරිදේවි කතාවේ බරසාර කමට තමයි වැඬේට අත ගැහැව්වේ. වෙන එකක් හින්දා නෙවේ. හැබැයි හිතුවාට වඩා ඉක්මණින් විකාශය කරනන්න පුළුවන් වුණා. හොඳ දෙෙැර එකකුත් ලැබුණා.

නාට්‍යයට සම්මාන ගනීවී කියලා හිතනවාද?

මුලදි එහෙම දෙයක් හිතුණේ නැහැ. නමුත් දැන් දැන් ලැබෙන ප‍්‍රතිචාරත් එක්ක සම්මනයක් දෙකක් ලැබේවි කියලා හිතනවා.

ටෙලි නාට්‍යයකින් සමාජයට යම් බලපෑමක් කරන්න පුළුවන් කියලා ඔබ හිතනවාද?

පැහැදිලිවම ඔව්.දැන් පේ‍්‍රක්ෂකයෝ බුද්ධිමත්. ටෙලි නාට්‍ය වුණත් හැම එකක්ම බලන්නේ නැහැ. විකාශය වන නාට්‍ය අතරේ වෙනස් දෙයක් නිසා ගිරිදේවි බලනවා. තව ඒ වගේ වර්ගයේ නාට්‍ය කිහිපයක් යනවා. ඒ නිසා අපි හොඳ දෙයක් කළොත් සමාජය ඉන් උත්තේජනයක් ලබනවා.