වර්ෂ 2014 ක්වූ නොවැම්බර් 25 වැනිදා අඟහරුවාදා




මේ දරුවාගේ පියා කවදා හරි රජ වෙනවා
අපෙන් සමුගත් කසුරි මහත්තයා
චිත්‍රපට සංස්ථාවේ නව සභාපතිවරයා වැඩ භාරගනී
‘තුන්කල් දැක්ම’ ප්‍රාසාංගික රැළිය
සුමති සම්මාන 2014 නාමයෝජනා එළි දැක්වේ
නුඹේ සෙනෙහස සුවඳ දිදී දැනුණා මට අම්මේ
අශෝක පීරිස් වෙනුවෙන් අදටත් ගෙදර එන්නේ ජගත් චමිල විතරයි
පණ්ඩිත් අමරදේව සමඟ ගී ගැයූ කුඩා දැරිය
මර්වින් රඟපෑ චිත්‍රපටවල සල්ලි අදටත් දෙන්න තියෙනවා
‘සඳ රැස් ගඟ දිගේ’ ඒකපුද්ගල ගී ප්‍රසංගය
මගේ හඬ ඇහෙන කොට හැරිල බලන අය ඕනෑ තරම්
චිත්‍රපට සංස්ථාවේ හිටපු සාමාන්‍යඅධිකාරී ධර්මානන්ද විජේසිංහගේ පියා අභාවප්‍රාප්ත වෙයි
මේ පොළව කෙතරම් සුන්දර ද මගෙ දූත් තනියම සිනාසෙයි
සිසිර වෙනුවෙන් නිල්මිණි දෑසේ ප්‍රසංගය
හැම තැනම කහමල් පෙති වියනක් දුටුවා
සිනමාවේ මතක සිහිවටන දෙදිනක් පුරා ප්‍රදර්ශනයට
අපි කොළඹට මේල් දැම්මෙ සියඹලා ගහ උඩ ඉඳන්
ඔබේ හඬ සිඳී කිඳී යයි කතා සරිත් සාගරේ
රෙක්ස්ගේ උපන් දිනය
ගැහැනු ළමයි ආදරේ ප්‍රකාශ කරනවා
මේ ශ්‍රී ලංකාවට උත්තේජනයක් අවශ්‍ය මොහොතක්
කලා ලොවේ උණුසුම් පුවත්

මේ දරුවාගේ පියා කවදා හරි රජ වෙනවා

හල්පේ ලියනගේ අතුකෝරාල මොරිස් ජෝශප් රණබාහු අපේ සිනමාවේ පෙරළිකාර චරිතයකි. ඔහු අප අතරින් වියෝ වී මේ වෙන කොට අවුරුදු දහතුනක් ඉක්ම ගොසිනි. අපේ සිංහල සිනමා ඉතිහාස පොතේ විකට රජා ලෙස කිරුළ දරා සිටි ෆ්‍රෙඩී සිල්වා 2001. 10. 29 වනි දින සදහටම දෙනෙත් පියා ගත්තා. ඒ වන විටත් ඔහු රඟපා තිබූ චිත්‍රපට ප්‍රමාණය 409 ක් විය. ෆ්‍රෙඩී අප අතරින් වියෝ වුව ද ඔහු අපට ඉතිරි කර ගිය නිර්මාණ අදටත් රසිකයන් රස විඳිනුයේ මහත් වූ සොම්නසකිනි. ෆ්‍රෙඩීගේ කපාපු පලුව බඳු ඔහුගේ පුත් ජනේෂ් ද පසුගිය වසරේ සමු ගත්තේය. ෆ්‍රෙඩී සිල්වාගේ පවුලේ සාමාජිකයින්ගේ අලුත් තොරතුරු සොයා අපි පිය මැන්නේ 225/ඒ 1, වලව්වත්ත, බණ්ඩාරගම පාර, කැස්බෑව ලිපිනයේ නිවහන සොයා ගෙනය. මේ නිවසේ අද පදිංචිව සිටිනුයේ ෆ්‍රෙඩී සිල්වාගේ බිරිය කමලා ස්වර්ණලතා පෙරේරාත් දුව චාන්දනී සිල්වාත් පමණි. ඉතින් තාත්තාගේ ගුණ සමරුවට මේ ගමන මොනවද කළේ? මම එහෙම ඇහුවෙත් කතාවට මුල පුරන්නත් එක්ක. ඒ කතාවට හාපුරා එක් වූයේ චාන්දනී.

 ....සම්පූර්ණයෙන් කියවන්න
 

අපෙන් සමුගත් කසුරි මහත්තයා

කරුණාදාස සූරියආරච්චි හෙවත් අප කවදත් ආදරයෙන් ඇමතූ කසුරි මහත්තයා සදහටම සමුගෙන ගොස්ය. ඔහුගේ වියෝව පුවත්පත් කලාවට විශේෂයෙන් තීරු ලිපි සාහිත්‍යයට පමණක් නොව නවකතාකරණයට ද දැඩිව බලපාන්නේ යැයි මම සිතමි. ගුරු වෘත්තියෙහි නිරතව සිට පසුව පුවත්පත් කලාවට පිවිසි කසුරි එක්තරා කාලයක වේදිකා නාට්‍ය රචනය හා නිෂ්පාදනය තම ආත්ම ප්‍රකාශනය බවට පත් කර ගෙන සිටියේය. ඔහු නවකතා ලීවේ පුවත්පත් කලාවට අවතීර්ණවීමෙන් පසුව යැයි සිතමි. කසුරි නාමය ප්‍රචලිත වන්නට පටන් ගත්තේ ‘දිවයින’ ඉරිදා සංග්‍රහයෙනි. ඔහු ලියූ විශේෂාංග ලිපිත් තීරු ලිපිත් පාඨක සිත් පැහැර ගත්තේය. කුමාරතුංග මුනිදාස යුගයේ සිටම තීරු ලිපිය පුවත්පත් කලාංගයක්ව තිබුණත් එය නිර්මාණාත්මක සාහිත්‍යාංගයක් ලෙස ස්ථාපිත වූයේ ‘දිවයින’ ඉරිදා සංග්‍රහයෙන් යැයි කීම විවාදයෙන් තොර ප්‍රකාශයකි. දයාසේන ගුණසිංහ (රයිගම් රාල, උකුස්සා සහ තවත් තීරු ලිපි) සුනිල් මාධව ප්‍රේමතිලක (සත්‍යවාදියකුගේ දිනපොත) සුන්දර නිහතමානි ද මැල් (මානිගේ තීරුව) මෙන්ම කසුරි ලියූ ‘කසුරිගේ කොලම, ‘වට රවුම’ යන තීරු ලිපි අතිශය ජනකාන්ත වූයේය.

 ....සම්පූර්ණයෙන් කියවන්න