‘ජීවිතේ සරුංගලේ වාගේ පාවෙනා’ හරිශ් ජයරත්න මියයයි

නොවැම්බර් 8, 2018

චිත්‍රපට රංගන ශිල්පී හරිශ් ජයරත්න ඉකුත් දා අප අතරින් වියෝ විය. මිය යන විට ඔහුගේ වයස අවුරුදු හැට හතකි. හරිශ් සිනමාවට හඳුන්වා දෙනුයේ සේන සමරසිංහයි. ඒ ඔහු අධ්‍යක්ෂණය කළ ඈතින් ඈතට චිත්‍රපටයෙනි. එහි රසාදරී ෆොන්සේකා පෙම් බඳින එක් තරුණයකු වුණේ හරිශ් ජයරත්නයි. සිනමාපටයේ අඩංගු අද ද ඉතාම ජනප්‍රිය වූ ගීතයක් වන කැන්දම් යන්නම් රන් මල් මාලා දාලා (මිල්ටන්, ප්‍රියා, ග්‍රේෂන්) ගීතයෙහි ජවනිකාවේ හරිශ් කොටස්කාරයකු විය. අනතුරුව ඔහු රඟපෑවේ යළි හමුවෙන්නයි සිනමාපටයේය. එහිදී ඔහු පෙම්වතකු ලෙස චරිත මැව්වේය. හරිශ් එකල කඩවසම් තරුණයකු වූවේය. එහෙයින් සිනමාපට දෙකකට පමණක් රංගන දායකත්වය සැපයුව ද හෙතෙම ජනතාව අතරෙහි ජනප්‍රිය චරිතයක් විය. කෙටි කලක් රංගනයේ නිරත වුවද ඔහු රඟපෑ චරිත යුගලය සිනමා ලෝලින්ගේ මතකයෙන් බැහැර ගොස් නැත.

ඩිල් ෆිල්ම්ස් අධිපතිව සිටි අභාවප්‍රාප්ත ප්‍රවීණ කැමරා හා සංස්කරණ ශිල්පී ඩිල්මන් ජයරත්නගේ බාල සොහොයුරා වූ හරිශ්ගේ අවසන් කටයුතු කෑගල්ලේදී සිදු කෙරිණ.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.