සරත් දික්කුඹුර මරුකතර සමඟ සිනමා අධ්‍යක්ෂණයට

නොවැම්බර් 8, 2018

රංගන ශිල්පියකු ලෙසින් නමක් දිනාගත් සරත් දික්කුඹුර සිනමාපටයක් අධ්‍යක්ෂණය කිරීමට සූදානම් වන වග සරසවියට වාර්තා විය. ඔහු මීට ප්‍රථම දුර්ගාත්ම නමින් ටෙලි නාට්‍යයක් අධ්‍යක්ෂණය කරන ලදී. සරත්ගේ කුලුඳුල් සිනමාපටයට නම තබා ඇත්තේ මරුකතර නමිනි. කාන්තාවකගේ ඝාතනයක් ඔස්සේ ගලා යන කතාවක අනුසාරයෙන් අධ්‍යක්ෂවරයා විසින් මෙහි තිර රචනය ලියන ලදී.

ක්ලීටස් මෙන්ඩිස්, ජීවන් කුමාරතුංග, පාලිත සිල්වා, නිමල් පල්ලෙවත්ත, බුද්ධික රඹුක්වැල්ල, මාක් සැම්සන්, ලක්ෂිකා ජයවර්ධන, රුක්ෂානා දිසානායක, ශෙරීන් එදිරිසිංහ, වින්ද්‍යා නයනා හේමන්ති, අනුර බණ්ඩාර රාජගුරු, සුදත් විජේසේකර ඇතුළු පිරිස මරු කතරෙහි නළු නිළියෝය.

කැමරාකරණය ප්‍රියන්ත ප්‍රදීප්ගෙනි. සහාය අධ්‍යක්ෂණය ප්‍රසන්න ගෙනි. ගාමිණී කොස්තාගේ අංග රචනයකි. සුනෙත් නන්දලාල් කලා අධ්‍යක්ෂවරයාය. ගීත රචනය සරත් දික්කුඹුරගෙන්ය. නඳුන් රත්නායකගේ සංගීත අධ්‍යක්ෂණයකි. චමින්ද දෑල නිෂ්පාදන කළමනාකරුය.

මරු කතර සිතිජ ෆිල්ම්ස් ඉදිරිපත් කිරීමකි.

 

Comments

sirimal (තහවුරු වී නොමැත)
නිහාල්සිංහ මහතා අධ්‍යක්ෂණය කල "වැලිකතර" සඳහා තිස්ස අබේසේකරයන් ලියු තිර නාටකයෙහි නම තිබුනේ " මාරු කතර " කියලයි. කෙසේහෝ " ම " යන්න අසුභ අකුරක් කියා එය " වැලි කතර" ලෙසට වෙනස් කළා. මේවගේ සිදුවීම් කිහිපයක් ගැන මට මතකයි. ජී.ඩී.එල්.පෙරේරා මහතා අධ්‍යක්ෂණය කල " දහසක් සිතුවිලි" චිත්‍රපටයේ නම " ද" යන්න සුභ නොවේ යයි කියා " සිතුවිලි දහසක් සිතුවිලි " ලෙසට වෙනස් කළා. මට මතක අන්දමට රොබින් තම්පෝ ගේ සියලුම චිත්‍රපට නම ආරම්භ උනේ " සු " අකුරෙන්.
සෙන, 11/10/2018 - 02:04

පිටු

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.