කළුතර ශුද්ධ වු පවුලේ කන්‍යාරාමයේ වීඩියෝ පටයක්

දෙසැම්බර් 6, 2018

 කඵතර ශුද්ධවු පවුලේ කන්‍යාරාමයේ 2018 වසරේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය නායිකාවන් එක්ව කළ නිර්මාණ 14 කින් සැදුම්ලත් වීඩියෝ පටයක් පසු ගියදා කොළඹ ඇක්වයිනාස් උසස් අධ්‍යාපන ආයතනයේ ශ්‍රවණාගාරයේදී අන්තර්ජාලයට මුදාහැරිණ. මාධ්‍ය අධ්‍යක්ෂ ගරු බෙනඩික් ජෝසප් පියතුමා කන්‍යාරාමයේ විදුහල්පතිනි ගරු ප්‍රියන්ති ජයතුංග කන්‍යාසොහොයුරිය සහ උප ප්‍රධාන ශිෂ්‍යනායිකා බිමංශි උත්තරී එම අවස්ථාවට සහභාගිවූ අයුරු සේයාරුවින් දැක්වෙයි. කළුතර ශුද්ධවු පවුලේ කන්‍යාරාමයේ ආදි ශිෂ්‍ය ආරෝග්‍යා පුවත්පතෙහි ප්‍රධාන කර්තෘ දීප්ති ෆොන්සේකා මෙහිදී කෙටි දෙසුමක් පවත්වන ලදී. නවයොවුන් ගැබ් ගැනීම්, මත්ද්‍රව්‍ය, විවාහයට පෙර ලිංගික සබඳතා, සයිබර් අවකාශය අවභාවිතය ආදි නව යොවුන් වියෙහි පසුවන තරුණ තරුණියන් මුහුණපාන අභියෝගයන් සහ ඊට මුහුණදෙන ආකාරය මෙම වීඩියෝ පටයට අන්තර්ගතවේ.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 17 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.