ධර්මපාල පද්‍ය රචනා නන්දිටත් ජයක්

දෙසැම්බර් 6, 2018

2018 වර්ෂයේ සැප්තැම්බර් මස 17 වන දිනට යෙදුණු ශ්‍රිමත් අනගාරික ධර්මපාලතුමන්ගේ 154 ජන්ම දිනය සැමරීම වෙනුවෙන් බුද්ධ ශාසන අමාත්‍යාංශයේ මඟ පෙන්වීම හා අනුග්‍රහය ඇතිව, බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව මඟින් පද්‍ය නිර්මාණ තරගයක් පැවැත්වීමට කටයුතු යොදා තිබිණි. විවෘතව පැවැත් වූ මේ තරගයේදී සමස්ත ලංකා මට්ටමින් ජයග්‍රහණයක් අත්කර ගැනීමට ලේක්හවුස් මාංචු කර්තෘ මණ්ඩලයේ මාධ්‍යවේදිනී නන්දි අලුත්ගේ රත්නවීර මහත්මිය සමත් වූවාය. ඒ ජයග්‍රහණය වෙනුවෙන් ඇයට හිමි වූ ත්‍යාග මුදල හා සහතික පත්‍රය පසුගියදා ඇය වෙත පිරනමනු ලැබීය.

ඡායාරූපය - රංජිත් අසංග

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.