නිහඬ ඉසිවරයාණෝ එළිදකී

දෙසැම්බර් 8, 2018

මාධ්‍යවේදී හා ලේඛක විමලසිරි අගලකඩ රචනා කළ නවතම ග්‍රන්ථය 'නිහඬ ඉසිවරයාණෝ' එළඹෙන 11 වැනි අඟහරුවාදා පෙරවරු 10 ට කොළඹ මරදානේ පූජ්‍ය ඇස්. මහින්ද හිමි මාවතේ දයාවංශ සහ සමාගමයේ පොත් මැදුරේදී ජනගත කෙරේ.

මෙම කෘතිය නවකතාවක් හෝ කෙටි කතාවක් නොවේ. එමෙන්ම චරිත කතාවක් ද නොවේ. එක්තරා පුද්ගලයකු වටා ගෙතුණු සිදුවීම් සමුදායකි. ඔහු දැහැමි සත්ගුණවත් දවසෙන් බොහෝ වේලාවක් භාවනායෝගීව කල් ගෙවන සමාජශීලී පුද්ගලයෙකි. ඔහුගේ අරමුණ කුමක්දැයි අපි නොදනිමු. එහෙත් අරමුණ පිරිසුදුය. නිකලැල්ය. පරහිතකාමීය. එක්තරා ගමක වැසියෝ දෙවියකු මෙන් ඔහුව අදහන්නේ ඒ නිසාවෙන් බව විමලසිරි අගලකඩ ඔහුගේ නවතම කෘතියෙන් පවසයි. 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.