රත්නපුර ඇලෝසියස් 120 ට ගී එකතුවක්

දෙසැම්බර් 11, 2018

රත්නපුර ශාන්ත ඇලෝසියස් විද්‍යාලයට වසර 120 ක් සපිරීම නිමිතිකර ගනිමින් එම විද්‍යාලයේ සිසු දරුවන් විසින් ගායනා කරන ලද ගීත දහසයක් ඇතුළත් සංයුක්ත තැටියක ගීමිණි කිංකිණි නමින් ඉකුත්දා එළිදැක්විණ. මෙහි පදමාලා සමන් චන්ද්‍රනාත් වීරසිංහ, අරුණ මුදුන්කොටුව, විශාරද උපුල් පෙරේරා, අනුරාධ ගුණතිලක, ඇන්ටන් ජේ. ප්‍රනාන්දු, අමාලි රණතුංග, ගුණපාල රැයිගල ඇතුළු පිරිසගෙනි. තේජන නිසයුරු, යෙනුල් බිම්නෙත්, ජනත් මිණිපුර, රයන් ගම්ෆ්‍රී, දුමුදිත සංදීප, සුමුදිත විදුරංග, විසිත හිරුන්, ඕෂධී පෙරේරා මෙහි ගායන දායකත්වය සපයති. සියලු ගීතනු නිර්මාණය සහ සංගීත අධ්‍යක්ෂණය විශාරද උපුල් පෙරේරා විසින් සිදුකරන ලදී. මෙම සංයුක්ත තැටිය රත්නපුර ශාන්ත ඇලෝසියස් විදුහලේ ආදි ශිෂ්‍ය සංගමයේ ඉදිරිපත් කිරීමකි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
16 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.