වර්ෂ 2019 ක්වූ December 08 වැනිදා Sunday
ත්‍රිමාණ චිත්‍රපටවලට වාරණයක් නෑ කතාව බොරුවක්
ජනවාරි 10, 2019

මෙරටට ආනයනය කරන 3 D සිනමාපට සඳහා වාරණයක් නිකුත් කොට ඇති වගට නිල නොලත් ආරංචියක් සංසරණය වෙමින් පවතියි. අන්තර්ජාලයේ සමාජ මාධ්‍යයන් කිහිපයකම එකී පුවත දක්නට ලැබිණ. මෙහි සත්‍ය අසත්යතතාවය කෙසේද? අපි ඒ පිළිබඳ ජාතික චිත්‍රපට සංස්ථාවෙන් විමසුවෙමු. එහි සාමාන්‍යාධිකාරී නිමල් අබේවර්ධන සඳහන් කළේ එම ආරංචිය සම්පූර්ණයෙන් අසත්‍යයක් කියාය. එමෙන්ම 3 D සිනමාපට ගෙන්වීම සඳහා කිසිදු වාරණයක් පනවා නැති බවත් සංස්ථාව විසින් අප වෙත දැන්වනලදී. විදෙස් සිනමාපටයන් ගෙන්වන ආයතනවලින් ද සඳහන් කළේ සුපුරුදු අන්දමින් 3 ච් සිනමාපටයන් ගෙන්වීම සිදු කරන බවය.