සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයෙන් සිනමා නිර්මාණයක්

ජනවාරි 17, 2019

 සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයීය නර්තන රංග කලා, ඉතිහාසය සහ සිද්ධාන්ත අධ්‍යයන අංශයේ ඩිජිටල් සිනමා ඒකකය ඉදිරිපත් කරන ‘අක්යාල’ (දණ්ඩි කඳ නොකී කතාව) සිනමා නිර්මාණයේ මුහුරත් උලෙළ පසුගිය 11 වැනිදා එම විශ්වවිද්‍යාලයීය පණීභාරත රංග ශාලාවේදී පැවැත්විණි.

විශ්වවිද්‍යාලයීය විද්‍යාර්ථින් විසින් විභාග කටයුත්තක් හා මහජන ප්‍රදර්ශනය සඳහා නිර්මාණය කෙරෙන පර්යේෂණාත්මක සිනමා කෘතියක් වන ‘අක්යාල’, මෙරට සිනමාවේ මහජන ප්‍රදර්ශනය වෙනුවෙන් විශ්වවිද්‍යාලයීය අභ්‍යන්තර විද්‍යාර්ථින් පිරිසක් විසින් නිර්මාණය කරන පළමු සිනමා නිර්මාණය ද වේ.

‘අක්යාල’ අධ්‍යක්ෂණය කෙරෙන්නේ ඉෂාරා වීරසිංහ විසිනි. යසාරා වික්‍රමසිංහ සහය අධ්‍යක්ෂණයෙන්ද, අනුර කුමාර තිරරචනයෙන් ද, කාංචනා ගයනි නිෂ්පාදන කලමනාකරණයෙන් ද පසිඳු චානක කැමරාකරණයෙන් ද අරෝෂා වික්‍රමසිංහ අඛණ්ඩතා නිරීක්ෂණයෙන් ද, ජයනි ද සිල්වා කලා අධ්‍යක්ෂණයෙන් ද, හිරුණි සිරිවර්ධන ඇඳුම් නිර්මාණය හා අංග රචනයෙන් ද, ක්‍රිෂාන් සාරංග නර්තන වින්‍යාසයෙන් ද, පබසරා බණ්ඩාර ශබ්ද සැලසුම්කරණයෙන් ද සුපුන් තිළිණි සංස්කරණයෙන් ද ‘අක්යාල’ නිර්මාණයට දායක වෙති.

සුදත් මහදිවුල්වැව, රවීන්ද්‍ර ගුරුගේ, අජිත් රාමනායක, ප්‍රියන්ත කළුආරච්චි, දිනේෂ් ලක්දුසිංහ, ගයාන් රාජපක්ෂ, අරුණ ධර්මපාල, චානක ගයාන්, අජිත් රෝහණ, ශ්‍රියාන් චන්ද්‍රසේකර, චමත් එදිරිසිංහ, රංජන් ඒකනායක, දිනිඳු ජාගොඩ සහ ජගත් පද්මසිරි යන ප්‍රවීණයන් විසින් මෙම විද්‍යාර්ථින් අධීක්ෂණය කෙරේ. චන්ද්‍රසෝම බිංදු හේවා, ඉමාලි වීරසූරිය, දර්ශන ගුණරත්න, සජිත් ධනුෂ්ක සහ නිකිණි ඉනේෂා මෙහි රංගනයෙන් දායක වෙති.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.