සුපර්ණා ඩකා ජාත්‍යන්තර සිනමා උලෙළේ

ජනවාරි 17, 2019

සුජීව ප්‍රියලාල් යද්දෙහිගේ විසින් තිරරචනය කර අධ්‍යක්ෂණය කළ සුපර්ණා චිත්‍රපටය ප්‍රථම ජාත්‍යන්තර තිරගත කිරීම අද (ජනවාරි 17) ඩකා ජාත්‍යන්තර සිනමා උලෙළේ ලෝක සිනමා අංශය යටතේ සිදුකෙරේ. කල්‍යාණි රණවක විසින් නිෂ්පාදනය කළ සුපර්ණාහි දුලීකා මාරපන, අශාන් ඩයස්, දර්ශන් ධර්මරාජ්, සංජීව උපේන්ද්‍ර, දිනක්ෂි ප්‍රියසාද්, වීණා ජයකොඩි, ජනක් ප්‍රේමලාල්, කලණ ගුණසේකර, බුද්ධික ජයරත්න, වසන්ත විට්ටච්චි, රයන් වැන්රෝයන් රංගනයෙන් දායක වෙති. කැමරා අධ්‍යක්ෂණය ධනුෂ්ක ගුණතිලක ගෙනි. සංස්කරණය සහ ශබ්ද මිශ්‍රණය ප්‍රවීන් ජයරත්නගෙනි. අංග රචනය හර්ෂ මංජුල, නිෂ්පාදන සැලසුම්කරණය ලාල් හවීන්ද්‍රනාත් විසින් සිදුකර ඇත.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 12 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.