සිනමා කිවිඳියට ජපන් හරසර අද

ජනවාරි 24, 2019

හෙළ සිනමා කිවිඳිය සුමිත්‍රා පීරිස් අද දින ජපානයේ ඉහළම ගෞරව නාමයකින් පිදුම් ලැබීමට නියමිතය. වසර ගණනාවක් ජපානයේ බුන්කා සම්මාන උලෙළේ විනිශ්චය මණ්ඩලයේ කටයුතු කිරීම සහ ජපානයේ සිනමාව හා සබැඳිව නිර්මාණකරණයේ යෙදීම උදෙසා ඇය මෙලෙස ගෞරව නාමය ලද්දීය. අද දින ජපන් තානාපති කාර්යාලයේ පැවැත්වෙන විශේෂ උත්සවයකදි සුමිත්‍රා මැතිනිය ජපන් රජය මඟින් ලබාදෙන ගෞරව නාමයෙන් පිදුම් ලබනු ඇත.
  

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.