ගින්දරී පත්තු වෙයි

ජනවාරි 24, 2019

උදයකාන්ත වර්ණසූරිය අධ්‍යක්ෂණය කරන ගින්දරී ධ්ධ් සිනමාපටයේ මුහුරත් උලෙළ ඉකුත්දා පැවැත්විණ. ගින්දරී සිනමාපටයේ දිගුවක් ලෙස නිර්මාණය වන මෙහි මහේන්ද්‍ර පෙරේරා, රොඩ්නි වර්ණකුල,පබෝධා සංදීපනී, චුලක්ෂි රණතුංග, ශ්‍රීනාත් මද්දුමගේ, සමන් හේමරත්න, ටීනා ශනෙල්, චංචලා වර්ණසූරිය, නිල්මිණි කෝට්ටේගොඩ, සරත් කොතලාවල, සරත් චන්ද්‍රසිරි, ආනන්ද අතුකෝරල, දිලිප් රෝහණ, කීර්ති රත්නායක, සජීව මල්මාලආරච්චි, උදේනි චන්ද්‍රසිරි, ටිශෝන් වැන්හොෆ්, චවීන් විජේසිංහ, තරින්ද්‍රි ප්‍රනාන්දු, අනුර ශ්‍රීනාත්, චතුර පෙරේරා, සිසිර කුමාරතුංග, සරත් පීරිස් ඇතුළු පිරිස රංගනයේ යෙදෙති.

කතාව, දෙබස්, තිර රචනය සහ නිෂ්පාදනය උදයකාන්ත වර්ණසූරියගෙනි. කේ. ඩී. දයානන්දගේ කැමරා අධ්‍යක්ෂණයකි. සංස්කරණය සහ ශබ්ද සැලසුම ප්‍රවීන් ජයරත්න විසින් සිදු කරයි. ඩොනල්ඩ් ජයන්තගේ සහාය අධ්‍යක්ෂණයකි. ආනන්ද පෙරේරා සංගීතයෙන් රස ගන්වයි. නලින් ප්‍රේමතිලක අංග රචනයෙන් දායක වේ.

අරුණ ඩයස් කලා අධ්‍යක්ෂවරයාය. ශාන්ති වර්ණකුසූරිය ඇඳුම් පැලඳුම් නිර්මාණය කරයි. නිෂ්පාදන කළමනාකරු තිලංක ද සිල්වා විශේෂ දෘෂ්ටි ප්‍රයෝගයෙන් එකතු වේ. මහේෂ් නිශාන්ත නිශ්චල ඡායාරූප ශිල්පියාය. ගින්දරී සිනමාපටය කතාව අවසන් වූ තැනින් ගින්දරී ධ්ධ් ඇරැඹෙනු ඇත.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.