සංගීත කණ්ඩායම් හයක් හෙට ජාඇල සංගීත කණ්ඩායම් සංසදය බිහිවේ

ජනවාරි 24, 2019

 ශ්‍රී ලාංකේය සංගීත කණ්ඩායම් සංසදය (SLMBA) මඟින් සංවිධානය කරනු ලබන අති දැවැන්ත සංගීත ප්‍රසංගයක් මෙම මස 25 වැනිදා එනම් හෙට සවස ජාඇල මහජන ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතය. දිවයිනේ අතිශය ජනප්‍රිය සංගීත කණ්ඩායම් හයක් මෙහිදී වාදනයෙන් දායක වන අතර සංගීත කණ්ඩායම් හතළිහක ගායකයන් ගැයුමෙන් එක්වනු ඇත. සන්ෆ්ලවර්, සහරා ෆ්ලෑෂ්, සනිධප, පර්පල් රේන්ජ්, ෆීඩ්බැක් සහ ඔක්සිජන් යන සංගීත කණ්ඩායම් ප්‍රසංගයට වාදනයෙන් දායක වේ. ජිප්සීස් නායක සුනිල් පෙරේරා, මේරියන්ස් නලීන් පෙරේරා, වායෝ සංගීත කණ්ඩායමේ නායක සංගීත් විජේසූරිය ප්‍රමුඛ පිරිස ගීත ගායනයෙන් ප්‍රසංගය වර්ණවත් කරති.

එළිමහන් ප්‍රසංග වේදිකාවේ ජනප්‍රිය නිවේදකයන් දෙපොළක් වන ඩෙන්සිල් නුගේගොඩ සහ පාලිත පෙරේරා මෙම ප්‍රසංගය නිවේදනයෙන් මෙහෙයවනු ඇත. ෂයින් ඇරෝස් සහ ඇලෙක්ස් විත් ඩෑෂ් නර්ථන කණ්ඩායම් මෙහි නර්ථන අංග ඉදිරිපත් කිරීමට නියමිතය.මෙම ප්‍රසංගයෙහි කැඳවුම්කරු ලෙස ඩෙන්සිල් නුගේගොඩ කටයුතු කරනු ලබයි. මේ පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් ඉකුත් දා කොළඹ නිපෝන් හෝටල් පරිශ්‍රයේදී පැවැත්විණ. ඊට සහභාගි වූ පිරිස වමේ සිට ඔක්සිජන් නායක තුෂාර සුබසිංහ, පර්පල් රේන්ජ් නායක සේනක ක්‍රිස්බන්, අග්‍රා නායක, නිවේදක පාලිත පෙරේරා, සහරා ෆ්ලෑෂ් නායක ප්‍රදීප් කේ, සන්ෆ්ලවර් නීල්, ඩෙන්සිල් නුගේගොඩ, සනිධප ෂාන් ඩයස්, සුපර් ස්ටාර් මහින්ද සිල්වා, ෆීඩ්බැක් නායක චමල් වර්ණකුල.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.