මෙවර චීන සිනමා උලෙළ

ජනවාරි 31, 2019

ජැකී චෑන්ග්ගේ චිත්‍රපටයක් සමඟ අලුත්ම අත්දැකීම් සහිත චිත්‍රපට උලෙළක්

චීන තානාපති කාර්යාලය සහ ජාතික චිත්‍රපට සංස්ථාව එකමුතුවෙන් වාර්ෂිකව සංවිධානය කරනු ලබන චීන සිනමා උලෙළ එළඹෙන පෙබපරවාරි මස 01 වැනිදා එනම් හෙට සිට පුරා දින හයක් පුරා ජාතික චිත්‍රපට සංස්ථවේ තරංගනී ශාලාවේදී පැවැත්වෙනු ඇත. උලෙළේ සමාරම්භය හෙට සවස 06 ස්ටැන්ලි ටොන්ග් අධ්‍යක්ෂණය කළ කුංෆු යෝගා සිනමාපටය තිරගත වෙමින් සිදුවනු ඇත. සුප්‍රකට සිනමා නළු ජැකී චෑන් මෙම සිනමාපටයේ ප්‍රධාන චරිතය මවනු ඇත. ඩීෂා පතානි, අමයිරා ඩැස්ටුවර්, සෝනු සුච් සෙසු චරිත නිරූපණය කරනු ලබයි. මෙම දර්ශනය එදින ආරාධිතයන්ට පමණි. උලෙළේ දෙවැනි දිනය වන සෙනසුරාදා සවස තුනට වැන්ග් රුන් අධ්‍යක්ෂණය කළ අවර් ෂයිනිං ඩේස් සිනමාපටය තිරගතවේ. බොක්ස් ඔෆිස් වාර්තා තැබූ ශොක් වේව් සිනමාපටය තිරගත වනුයේ එදින සවස හයටය.

එය හර්මන් යායුගෙ අධ්‍යක්ෂණයකි. උලෙළේ තෙවැනි දින (03) සවස තුනට සැන්ග් යයිබායිංග් අ බ්ලෝන්ග්ඩ් ටු යූ සිනමාපටය තිරගත වේ. එදින සවස 06 ට ලෙස්ලි චෙන් අධ්‍යක්ෂණය කළ බැට්ල් ඔෆ් මෙමරිස් සිනමාපටය ප්‍රදර්ශනය වේ. කුංෆු යෝගා සිනමාපටය මහජන ප්‍රදර්ශනය සඳහා තිරගත වනුයේ උලෙළේ සිව් වැනිදා එනම් 04 වැනිදාය. 05 වැනිදා සවස 06 ට රින් ජැක් ඇනවුඩ්ගේ වුල්ෆ් ටෝටෙමි සිනමාපටය තිරගත වේ. එය චීනයේ සම්මාන සඳහා නිර්දේශ නාම ලැබූ සිනමාපටයකි. එවැනි සම්මාන නිර්දේශිත සිනමාපටයක් වන බ්‍රදර්හුඩ් ඔෆ් බ්ලේඩ්ස් සිනමාපටය 06 වැනිදා සවස 06 ට තිරගත වෙමින් උලෙළේ නිමාව සිදු වනු ඇත.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.