තාල අද සිට

ජනවාරි 31, 2019

පාලිත පෙරේරා විසින් අධ්‍යක්ෂණය කළ තාල චිත්‍රපටය අද සිට ඊ.ඒ.පී. මණ්ඩලයේ සිනමාශාලාවල තිරගත කෙරේ. නදී කම්මැල්ලවීර සහ පාලිත පෙරේරා විසින් තිරරචනය කළ මෙම චිත්‍රපටය නිෂ්පාදනය කර තිබෙන්නේ නිලාන් වීරසිංහ විසිනි. හේමාල් රණසිංහ, කලණි දොඩන්තැන්න, ජයලත් මනෝරත්න, කෞශල්‍යා ප්‍රනාන්දු, ප්‍රියන්ත සිරිකුමාර, ගිරිරාජ් කෞශල්‍ය, ධනුෂ්ක ඩයස්, නදීෂානි පේළිආරච්චි, චමිලා පීරිස්, විල්සන් ගුණරත්න, චාන්දනි සෙනෙවිරත්න, ප්‍රදීප් රාමවික්‍රම, රුවන් මදනායක, ප්‍රියංක සමරවීර, නිශාන්ත ප්‍රියදර්ශන ඇතුළු පිරිසක් මෙහි රංගනයෙන් දායක වෙති.

තාල කැමරාකරණය චින්තක සෝමකීර්ති විසිනි.

සංස්කරණය තිස්ස සුරේන්ද්‍රගේ වන අතර සංගීත අධ්‍යක්ෂණය චින්තක ජයකොඩි විසින් සිදුකර ඇත. ඇඳුම් නිර්මාණය ප්‍රියන්ත ප්‍රභාෂ් සහ ජනත උල්ලදුපිටියගේය. නිෂ්පාදන කළමනාකරණය මංජුල පෙරේරා ගෙනි. ශබ්ද සංකලනය අතුල ජයසිංහ විසින් සිදුකර ඇත. රේඛිය නිෂ්පාදනය චන්න දේශප්‍රිය සහ ප්‍රසන්න කිතලගම ගෙනි.