සොඳුරු අතීතයේ මතක සුවඳ

පෙබරවාරි 7, 2019

70 දශකයේදී ‍බෞද්ධාලෝක මාවත අලෙවි නියෝජිත ලෙසින් කටයුතු කළ ඒ. පී. විජේරත්න විසින් සංවිධානය කරන ලද සොඳුරු අතීතයේ මතක සුවඳ සහ නිසල සේයා ප්‍රදර්ශන ද්විත්වය පසුගිය ජනවාරි 15 සහ 16 යන දෙදින කොළඹ 08 ඇල්විටිගල මහල්නිවාස, විජය පොත්හලේදී පැවැත්විණි. 40 දශකයේ සිට 70 දශකය දක්වා සිනමාවේ ගමන් මඟ, රුක්මණි දේවියගේ 96 වැනි ජන්ම දිනය සැමරීම සහ එඩ්වින් ආරියදාස මහතාගේ 98 වැනි ජන්ම දිනයට ආශිර්වාද පැතීම වෙනුවෙන් 'සොඳුරු අතීතයේ මතක සුවඳ' වෙන් වූ අතර පෘතුගීසි සමයේ සිට මේ දක්වා කොළඹ නගරයේ ඡායාරූප 'නිසල සේයා' ඡායාරූප ප්‍රදර්ශනයට ඇතුළත් විය. කලාකීර්ති එඩ්වින් ආරියදාස මහතා මෙවර ප්‍රදර්ශනයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙසින් සහභාගි වූ අතර චිත්‍රපට අධ්‍යක්ෂ සුරංග අල්විස්, දේශමාන්‍ය, දේශශක්ති, විජිත කදිරගොන්න, ප්‍රවීණ ලේඛක සෑම් පෙරේරා, අනුලා සීලවිමල ඇතුළු පිරිසක් මෙහි සමාරම්භක අවස්ථාවට එක්වූහ. 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.