නිවස කළා පුවත් MY RED COMRADE සහ විසල් ආදරේ හෙට සිට රිදී තිරයේ

MY RED COMRADE සහ විසල් ආදරේ හෙට සිට රිදී තිරයේ

by Thanushika
May 2, 2024 1:45 am 0 comment

සුදත් මහදිවුල්වැව විසින් අධ්‍යක්ෂණය කළ MY RED COMRADE සිනමා පටයේ මාධ්‍ය සඳහා වන විශේෂ ප්‍රදර්ශනය පසුගිය දින One galle face PVR හිදී ප්‍රදර්ශනය කිරිමෙන් පසු හෙට 3 වැනිදා සිට දිවයින පුරා සිනමාහල්වල තිරගත වීම ආරම්භ වනු ඇත.
මේ සිනමා පටය සුදත් මහදිවුල්වැව විසින් වසර 19කට පසු අධ්‍යක්ෂණය කිරීම විශේෂත්වයකි.

නිෂ්පාදනය රෙඩ් සර්කල් ප්‍රඩක්ෂන්, රේඛීය නිෂ්පාදනය දර්ශි ගමගේ, කැමරාකරණය රුවන් කොස්තා, සංස්කරණය අජිත් රාමනායක, කලා අධ්‍යක්ෂණය මංජුල අයගම, සංගීත අධ්‍යක්ෂණය හා ගායනය නදීක ගුරුගේ, ශබ්ද සැලසුම්කරණය සසික මාරසිංහ, වර්ණ සංයෝජනය තිස්ස සුරේන්ද්‍ර, සහාය අධ්‍යක්ෂණයේ දිනේෂ් ලක්දුසිංහ, අංග රචනය සමරසිරි කඳනගේ,ගේය පද රචනය සුදත් මහදිවුල් වැව, නිෂ්පාදන කළමනාකරණය නිමල් විජේසිරි සේනාධිර ගෙනි. මෙහි තරින්දි ප්‍රනාන්දු සහ ප්‍රසන්න මහගමගේ චරිත දෙක පමණක් රංගනයේ යෙදීමද සිනමා පටයේ තිබෙන විශේෂත්වයකි.

ආදරණීය ප්‍රාර්ථනා චිත්‍රපටයෙන් ආදායම් වාර්තා තබමින් මෙරට යෞවනයන්ගේ සිත් සතන් ඇඳ බැඳගනිමින් ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන්ගේ ආදරේ දිනාගත් වාසව බදුගේ දෙවැනි සිනමා සම්ප්‍රාප්තිය ‘විසල් ආදරේ’ හෙට 3 වැනිදා සිට එම්.පී.අයි. මණ්ඩලයේ සිනමා ශාලා ඇතුළු දිවයින පුරා සිනමා ශාලාවලවල තිරගත වීම ඇරැඹේ.

සචින් ලියනගේ, දිනක්ෂි ප්‍රියසාද් සහ නිමේෂ් වීරංග සමඟ රශී ප්‍රභා සන්දිපනි රංගනයෙන් දායක වෙති. තිර රචනය ඩිල්ෂි තත්සරණි, සංගීත අධ්‍යක්ෂණය හා ගායනය යසස් මැදගෙදරගෙනි. මෙය වාසව බදුගේ සහ යසස් මැදගෙදර සාමූහික ප්‍රයත්නයෙන් නිර්මාණය වූ ආදරණීය සිනමා තිළිණයකි.

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT