අශෝකා කඩයි

පෙබරවාරි 14, 2019

මුල්ම සරසවිය සම්මාන උලෙළ පැවැත්වීමෙන් ඓතිහාසික වාර්තාවක් හිමි කරගත් ග්‍රෑන්ඩ්පාස් අශෝකා සිනමාහල පසුගියදා කඩා දමනු පෙනෙන්නට තිබුණි.

1961 දී පමණ සී. ඩබ්ලිව්.මදනායක විසින් ආරම්භ කළ මෙම සිනමාහල කොළඹ පැවැති දැවැන්තම සිනමා ශාලාවක් විය. කැලණිය සරසවි චිත්‍රාගාරය ස්ථාපිත කළේ ද මදනායක විසිනි. 1973 පමණ අශෝකා සිනමාහල චිත්‍රපට නිෂ්පාදක යූ. ඩබ්ලිව්. සුමතිපාල හා මිලිනා සුමතිපාල යුවල විසින් මිලට ගන්නා ලදී. අශෝක සිනමා ශාලාව කලක් පළමුවැනි ප්‍රදර්ශන මණ්ඩලයේ් ජනප්‍රිය චිත්‍රපට ශාලාවක් විය.

කැලණි පාලමෙන් කොළඹ නගරයට පිවිසීමේදී හමුවන මුල්ම සිනමා ශාලාවක් වන මෙය පසුගිය වසර කිහිපය තුළ චිත්‍රපට ප්‍රදර්ශනය නොවූව ද අශෝකා පුවරුව එලෙසම පැවතිණි. පසුගිය වසරේ සරසවිය ජනප්‍රිය චිත්‍රපටයට හිමි සම්මානය හිමි කරගත් පත්තිනි සිනමාපටය නිපද වූයේ අශෝකා සිනමාහල හිමි සුමති චිත්‍රපට සමාගමයි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.