අනූෂා ගෝකුල සභාපතිනි කුමාර ජයකාන්ත වැඩබලන අධ්‍යක්ෂ

පෙබරවාරි 14, 2019

ජාතික චිත්‍රපට සංස්ථාව නව සභාපති ලෙසට අනූෂා ගෝකුල ප්‍රනාන්දු මහත්මිය පත් කොට ඇත. ඇය මේ වන විට සංස්කෘතික අධ්‍යක්ෂවරිය වශයෙන් ද කටයුතු කරමින් සිටියි. වැඩ බලන අධ්‍යක්ෂ ධූරයට ජනප්‍රිය රංගන ශිල්පී කුමාර ජයකාන්ත පත් කොට ඇත. මහාචාර්ය පැට්‍රික් රත්නායක, අනුර රත්නායක, වයලා දයාරත්න ඇතුළු පිරිස අධ්‍යක්ෂ මණ්ඩලයේ කටයුතු කරති.


 ජනාධිපති සම්මාන උලෙළ ජූලි 28 තෙවසරක සිනමා කෘතීන් ඇගැයේ

ජනාධිපති සිනමා සම්මාන උලෙළ එළඹෙන ජූලි මස 26 වැනිදා කොළඹ නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කොට තිබේ. පසුගිය උලෙළේදී 2015 වසරේ සිනමාපටයන් අගයනු ලැබිණ. මෙවර වසර තුනක සිනමාපට සඳහා සම්මාන පිරිනැමීමට නියමිතය. ඒ අනුව 2016, 2017 සහ 2018 යන වර්ෂයන්හි තිරගත වූ දේශීය සිනමාපට අගයනු ඇත. අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ උපදේශකත්වය යටතේ චිත්‍රපට සංස්ථා සභාපති අනූෂා ගෝකුල ප්‍රනාන්දු මහත්මියගේ මඟ පෙන්වීම යටතේ පැවැත්වෙන දහනව වැනි ජනාධිපති සම්මාන උලෙළට සමගාමීව සිනමාව වෙනුවෙන් පුරෝගාමී මෙහෙවරක් ඉටු කළ ජ්‍යෙෂ්ඨ කලාකරුවන් කිහිපදෙනෙකු ද ඇගැයීමට නියමිතය. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා උලෙළේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගිවීමට නියමිතය. 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.