ගින්දරී කොළඹ අවට සැරිසරයි

පෙබරවාරි 14, 2019

උදයකාන්ත වර්ණසූරියගේ නවතම සිනමාපටය ගින්දරී 2 මේ වන විට කොළඹ කොටුව අවට ප්‍රදේශයන්හි රූපගත කෙරෙන බව සරසවියට වාර්තා විය. මෙය වසර කිහිපයකට ඉහත දී බහුබූතයෝ නමින් නිර්මාණය වූ චිත්‍රපටයේ තෙවැනි කොටසයි. ගින්දරී 2 වැනි කොටස ආරම්භ වනුයේ ගින්දරී සිනමාපටය නිම වූ තැනිනි. පබෝධා සංදීපනී, මහේන්ද්‍ර පෙරේරා, රොඩිනි වර්ණකුල, චුලක්ෂි රණතුංග, ශ්‍රීනාත් මද්දුමගේ, සමන් හේමරත්න, කීර්ති රත්නායක, චංචලා වර්ණසූරිය, වසන්න විට්ටච්චි, ආනන්ද අතුකෝරල, සජීවමල්මාල ආරච්චි, අනුර ශ්‍රීනාත්, නිල්මිණි කෝට්ටේගොඩ ආදි පිරිස ගින්දරී 2 සඳහා රංගනයෙන් දායක වෙති.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.