ගාඩි සැප්තැම්බරයේ සී. ඊ. එල්. මණ්ඩලයට

පෙබරවාරි 14, 2019

 අන්තර් ජාතික සිනමා සම්මානලාභී ප්‍රසන්න විතානගේ විසින් අධ්‍යක්ෂණය කළ ගාඩි සිනමා සිතුවම මෙම වසරේ සැප්තැම්බර් මාසයේදී සී. ඊ. එල් මණ්ඩලයේ සිනමා ශාලාවන්හි තිරගවීමට නියමිතය. මෙය ප්‍රසන්නගේ දස වැනි සිනමාපටයයි. ඒ අතරින් හතක්ම තිරගතව ඇත්තේ සී. ඊ. එල්. මණ්ඩලයේ සිනමා ශාලාවන්හි වීම විශේෂත්වයකි. ඒ අනුව මෙය එම මණ්ඩලයේ සිනමා ශාලාවන්හි තිරගත වන ප්‍රසන්නගේ අට වැනි සිනමාපටයයි. දහ නව වැනි සියවසේ මුල් භාගයේ උඩරට රාජධානියේ සිදු වූ කතා පුවතක් ඇසුරෙන් නිර්මාණය වූ ගාඩි සිනමාපටයේ කැමරා අධ්‍යක්ෂවරයා වශයෙන් බොලිවුඩ් සිනමාවේ සම්මානලාභී රජීව් රවී කටයුතු කරයි. දෙවැනි ඒකකයේ කැමරා අධ්‍යක්ෂණය එම්. ඩී. මහින්දපාලගෙනි. සරසවිය හා ජනාධිපති සම්මානලාභී සංස්කරණ ශිල්පී ශ්‍රීකර් ප්‍රසාද් විසින් ගාඩි සංස්කරණය කරයි. ශබ්ද පරිපාලනය තපස්නායක් ගෙනි.

එච්. ඩී. ප්‍රේමසිරි, සන්ධ්‍යා සල්ගාදු, ඇලන් මැක් ඇලෙක්ස් සහ අජේ රායි ගාඩි නිෂ්පාදනය කොට තිබේ. ඉන්දීය ශ්‍රී ලංකා සම නිෂ්පාදනයක් වන මෙහි තිර රචනය ද ප්‍රසන්න විතානගේ ගෙනි. 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.