සිරි කහවලට සුබ උපන් දිනයක්

පෙබරවාරි 14, 2019

කලා ලොවේ කොයි කාගෙත් සුබ උපන් දිනය දා සුබ පැතුම් එක් කරන සිරි කහවලගේ උපන් දිනය මෙම මස 16 වැනිදාට යොදී තිබේ. ඔහුට සරසවිය සුබ උපන්දිනයක් සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරයි. සිරි කහවලට සුබ පැතුම් එක් කරමින් අප පාඨකයෙක් එවූ සටහනකි මේ.....

මෙරට කලාකරුවන්, විද්වතුන් ඇතුළු ප්‍රසිද්ධ ජනප්‍රිය පුද්ගලයන්ගේ උපන් දිනයදාට ඔහුට හෝ ඇයට උදෑසනින්ම සුබ පතන්නට සිරි කහවල මැතිඳු අමතක කරන්නේ නැත. එසේම ඔහුගෙන් උපන් දින පැතුමක් නොලද විද්වතෙක් හෝ ජනප්‍රිය පුද්ගලයෙක්, කලාකරුවෙක් මෙරට නැති තරම්ය. ඔහු කවියෙක්, විචාරකයෙක්, හින්දි ගීත පරිවර්තකයෙක් වශයෙන් සරසවිය පුවත්පත සවිමත් කළ උපාධිධාරියෙක් ද වෙයි. තිර රචකයෙක්, ගුරුවරයෙක්, ලේඛකයෙක් මෙන්ම මානව හිතවාදී දේශපාලනයක් වෙනුවෙන් ඇප කැප වූ ඔහු කරන සේවය මා ඉත සිතින් සිහිපත් කරමි. රටම දන්නා, රටම හඳුනන සිරි කහවල මැතිඳු චිරාත් කාලයක් වැජඹෙන්නට මෙලෙස උපන් දින සුබපැතුම් එක් කරමි. පෙබරවාරි 16 වනදාට බැති සිතින් මෙලෙස සුබපතමි.

ලියනගේ සෝමරත්න ද සිල්වා

අහුන්ගල්ල

 

මරම්බරී 16දා

විශාරද එඩ්වඩ් ජයකොඩිගේ මාරම්බරී ඒකපුද්ගල ගී ප්‍රසංගය පෙබරවාරි 16 සෙනසුරාදා සවස 6.30 ට මහරගම යොවුන් රගහලේ දී පැවැත්වේ.

මෙම මාරම්බරී ප්‍රසංගය සංවිධානය කරනු ලබන්නේ නුගේගොඩ අනුලා විද්‍යාලයීය ආදි ශිෂ්‍යාවන්ගේ සංගමය විසිනි.

 

ෆ්‍රෑන්ක් කුරුකුලසූරිය රෝහලේ වෛද්‍ය වාර්තා සොයා ගන්න උපකාරී වන්න

රංගන ශිල්පී ෆ්‍රෑන්ක් කුරුකුලසූරිය මේ වන විට අංශභාගය වැලඳී රාජගිරිය ආයුර්වේද රෝහලේ නව වැනි වාට්ටුවේ තිස් හත් වැනි ඇඳෙහි ප්‍රතිකාර ලබයි. මේ අතර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබාගනිද්දි ලබා දුන් ඔහු සතු වූ වෛද්‍ය වාර්තා සියල්ල අතුරුදන්ව ඇත. ඒ ත්‍රීවිලර් රථයකදීය. මෙම රෝගී වාර්තා ඔහුට අත්‍යවශ්‍ය වන අතර එහි පවුලේ දුරකතන අංක මෙන්ම භාර්යාව වූ ෂර්ලි මේරි අයිරාංගනී පෙරේරාගේ හැඳුනුම්පත ද තිබී ඇත. චිත්‍රපට රාශියක රඟපෑ ෆ්‍රෑන්ක්ට සරණක් අවශ්‍ය මොහොතකි මේ. අංක 17, ශාන්ත අන්ද්‍රෝ පාර, කොළඹ 15 ලිපිනය ඔස්සේ ෆ්‍රෑන්ක් පිළිබඳ වැඩි විස්තර ලබා ගත හැකිය.

 

සුනිල් වීරසිංහට ගමෙන් ඇගැයුමක්

රංගන ශිල්පී සුනිල් වීරසිංහගේ රංගන දිවිය අගයමින් සංවිධානය කළ උත්සවයක් මෙම මස 16 වැනිදා වාරියපොළ නගර ශාලාවේදී පැවැත්වේ. මෙහිදී ප්‍රධාන දෙසුම් ටෙලි සිනමා අධ්‍යක්ෂ සරත් ධර්මසිරි සහ නාට්‍යවේදී ක්ලයිව් ශාන්ත විසින් පවත්වනු ලබයි. මෙයට සමගාමීව සුනිල් නිර්මාණය කළ ආයෙත් මං එන්නේ නෑ නාට්‍ය වේදිකා ගත වනු ඇත. අතුල ජයසූරිය සහ ප්‍රියංකා මායාදුන්න මෙහි රංගන දායකත්වය සපයති.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
15 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.