විජය ගී තරුව 21 වැනිදා

පෙබරවාරි 14, 2019

විජය කුමාරතුංග අප අතරින් වියෝ වී මෙම මස 16 වැනිදාට වසර තිස් එකකි. එය අනුස්මරණය කරමින් වාර්ෂිකව පවත්වනු ලබන විජය ගී තරුව සංගීතමය තරගාවලියේ අවසාන තරගය මෙම මස 21 වැනිදා සවස ගුවන් විදුලි සංස්ථා පරිශ්‍රයේදී පැවැත්වෙනු ඇත. මෙහිදී තරගකරුවන් පහළොස් දෙනකු විජය ගී ගයමින් තරග වදිති. මෙයට සමගාමීව තෝරා ගත් කලාකරුවන් කිහිප දෙනකුට විජය කුමාරතුංග අනුස්මරණ අභිිනන්දන සමරු සම්මාන පිරිනැමීමට කටයුතු යොදා ඇත. ඒ අනුව ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු, ආතර් යූ. අමරසේන, නිමල්සිරි කුරේ, නිමල් ගුණසේකර, මහේෂ් නිශ්ශංක සහ දිවංගත සරත් දසනායක සහ ග්‍රේෂන් ආනන්ද යන කලාකරුවන්ට එම සම්මාන වෙන් වනු ඇත. අනුර ශ්‍රීනාත් මෙම අවස්ථාව කතනයෙන් මෙහෙයවනු ලබයි. මෙය සංවිධානය කරනු ලබන්නේ විජය කුමාරතුංග අනුස්මරණ සහෘද කලා සංසදය මඟිනි. 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 11 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.