‘ඒ නිමේෂය’ එළිදකී

පෙබරවාරි 14, 2019

 දේවි බාලිකා විදුහලේ විදුහල්පතිනි ප්‍රදීපා සමරසිංහගේ මුල්ම පද රචනය සහිත ගීත සංයුක්ත තැටිය පසුගිය දින නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේදී විශේෂ ආරාධිත අමුත්තන් සහ කලාකරුවන් පිරිවරා ගනිමින් ජනගත කෙරිණි. සංගීතය, ගායනය අමරසිරි පීරිස්ගෙනි. එහි රූප රචන අධ්‍යක්ෂණය අනුර විජේනායකයි.

එදින මුල්ම සංයුක්ත තැටිය තම ස්වාමියා වූ ජයන්ත ලොකුගේට විදුහල්පතිනිය විසින් පිළිගැන් වූ අතර ආචාර්ය ප්‍රණීත් අබේසුන්දර, ප්‍රවීණ ගායන ශිල්පී අමරසිරි පීරිස්, විදුලි සංදේශ ඩිජිටල් හා තාක්ෂණ හා යටිතල පහසුකම් හා ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම් චූලානන්ද පෙරේරා යන මහත්වරුන්ට එදින සංයුක්ත තැටිය පිළිගන්වන ලදී.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.