හන්තානේ කතාවට එක් වූ බර්ටි සමුගනී

පෙබරවාරි 14, 2019

ප්‍රවීණ ඡායාරූප ශිල්පියකු වූ බර්ටි ගුණසේකර ඉකුත් හත් වැනිදා හදිසි හෘදයාබාධයකින් අභාවප්‍රාප්ත විය. මිය යන විට ඔහුගේ වයස අවුරුදු හැත්තෑ නවයකි. 1940 ඔක්තෝබර් මස 01 වැනිදා උපන් බර්ටි, ආචාර්ය ධර්මසේන පතිරාජයන් සමඟ හන්තානේ කතාව සිනමාපටයේ සම තිරනාටක රචකයකු විය.

සිනමාපටයන්ට තිර රචකයකු වශයෙන් යම් දායකත්වයක් ලබා දෙමින් පසුකාලීනව ඡායාරූපකරණයට පිවිසි හෙතෙම මිය යන තෙක් ඒ විෂයය අත නොහැරියේය. නවකතා රචනයට ද එක් වූ බර්ටි විජය කුමාරතුංග ඇතුළු ජනකාන්ත නළුවන් රැසකගේ ඡායාරූප තම කාචයට එක්කාසු කර ගත්තේ ඉතාම කලාත්මකවය.

ඡායාරූප කලාවට පිවිසීමට අපේක්ෂා කරන්නන් හට සිය දැනුම කිසිදු ලෝභකමකින් තොරව ලබා දුන් අයකු හැටියට ද බර්ටි ප්‍රකටය. බර්ටිගේ මුහුණු පොතෙහි වූ අති අති විශාල මිත්‍ර සමාගම සමඟ අවසන් මොහොතේත් ඔහු සක්‍රීයව ගනුදෙනු කර තිබීම විශේෂත්වයකි.

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
11 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.