ශ්‍රියන්ත - ටෙනිසන් මුල්වරට එක්වෙති

ජය ශ්‍රී ඇමතිතුමා මීළඟට එයි : ජනිත මාරසිංහගේ නවතම නිෂ්පාදනය
පෙබරවාරි 21, 2019

 ගින්නෙන් උපන් සීතල සිනමාපටය තිරගවීමෙන් පසු සී. ඊ. එල්. මණ්ඩලයේ තිරගත වනුයේ ජය ශ්‍රී ඇමතිතුමාය. නිශාන්ත වීරසිංහ කතාව නිර්මාණය කොට අධ්‍යක්ෂණය කරනු ලැබූ මෙම සිනමාපටය ජනිත ෆිල්ම්ස් වෙනුවෙන් ජනිත මාරසිංහගේ නිෂ්පාදනයකි. මේ ඔහු තනිව නිපදවනු ලැබූ පස් වැනි සිනමාපටයයි. මගෝඩි ගොඩයි, කිව්වද නහී නොකිව්වද නහී, මාගේ යාළු මාලු සහ ඇඩ්ඩ්‍්‍රස් නෑ ජනිත මීට ප්‍රථම නිෂ්පාදනය කළ චිත්‍රපට වේ.

හාස්‍යෝත්පාදක කතා පුවතකින් සමන්විත ජය ශ්‍රී ඇමතිතුමා සිනමාපටයේ් ශ්‍රියන්ත මෙන්ඩිස්, ටෙනිසන් කුරේ, කුසුම් රේණු, දමිතා අබේරත්න, ගයත්‍රි ඩයස්, ආරියසේන ගමගේ, ලක්ෂ්මන් අමරසේකර, ඩී. බී. ගංගොඩතැන්න, ශිරෝමිකා ප්‍රනාන්දු ඇතුළු පිරිස රංගනයෙන් දායක වෙති.

අයේෂ්මන්ත හෙට්ටිආරච්චි හා රවින්ද්‍ර රෝහණ කැමරා අධ්‍යක්ෂවරුන්ය. ප්‍රවීන් ජයරත්නගේ සංස්කරණයකි. චාමින්ද වාස් කලා අධ්‍යක්ෂවරයාය. ගීත ගායනය සහ තනු නිර්මාණය ජිප්සීස් සුනිල් පෙරේරාගෙනි. චන්ද්‍රදාස ප්‍රනාන්දු ගීපද රචකයාය. ප්‍රසාද් අමරසේකර සහාය අධ්‍යක්ෂණයෙන් ද, ශසිත් ගිම්හාන් ශබ්ද පරිපාලනයෙන් ද, ආනන්ද බණ්ඩාර වර්ණ සංයෝජනයෙන් ද ප්‍රියාන්ජිත් මෙන්ඩිස් නිෂ්පාදන කළමනාකරණයෙන් ද මේ සඳහා එක් වූහ.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.