බිම්බා දේවි හෙවත් යශෝධරා දැන් ගෙදර සිට නරඹන්න

පෙබරවාරි 21, 2019

පසුගිය වසරේ වැඩිම ආදායම් ලත් සිංහල චිත්‍රපටය ලෙස සැලකෙන මහාචාර්ය සුනිල් ආරියරත්න විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ බිම්බා දේවි හෙවත් යශෝධරා සිනමාපටය ඩී. වී. ඩී. මාධ්‍යයෙන් ඉකුත් දා එළිදැක්විණ. පල්ලවි සුභාෂ්, ඒ. චෞද්රි ප්‍රධාන චරිත මැවූ යශෝධරා සරසවි සිනරු වෙනුවෙන් නිෂ්පාදනය එච්. ඩී. ප්‍රේමසිරිගෙනි.


 වෙල්ලස්ස සිනමා උලෙළ මේ දවස්වල බදුල්ලේ

වෙල්ලස්ස සිනමා උලෙළ මෙම මස 20 සිට 22 දක්වා බදුල්ල රෙක්ස් සිනමා ශාලාවේදී පැවැත්වේ. දෙදින පුරා උදෑසන10.30 සිට රාත්‍රී 8.30 දක්වා සිනමාපට ප්‍රදර්ශනය වනු ඇත. මෙම සිනමා උලෙළ සඳහා මෙරට නිර්මාණකරුවන් නිර්මාණය කළ වෘතාන්ත කෙටි සහ වාර්තා චිත්‍රපට ඇතුළත් වේ.

සෑම සිනමා දර්ශනයක්ම අවසනදී සංවාද මණ්ඩපයක් ද පැවැත්වීම උලෙළේ විශේෂ අංගයකි. 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
10 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.