නිදහසේ පියා ඩී ඇස් සිනමා කෘතිය පිළිබඳ විද්වත් කතිකාවක්

පෙබරවාරි 21, 2019

 ‘CSR කලා කෙත’ මගින් සංවිධානය කරනු ලබන සිනමාවේදී සුනෙත් මාලිංග ලොකුහේවාගේ ‘නිදහසේ පියා ඩී එස් ’ සිනමා කෘතිය සම්බන්ධ විද්වත් කතිකාවක් පෙබරවාරි 23 සෙනසුරාදා සවස 1.00 සිට (චිත්‍රපට ප්‍රදර්ශනයද සමග) මරදාන, 281 ඩීන්ස් පාරේ, සමාජය හා සාමයික කේන්ද්‍රයේ ශ්‍රවණාගාරයේදී (CSR) පැවැත්වේ. මරදාන සමාජීය හා සාමයික කේන්ද්‍රයේ මාධ්‍ය ඒකකය නැවත සකී‍්‍රය කරමින් සිනමාව, වේදිකා නාට්‍ය, සංගීතය, සාහිත්‍ය හා නර්ථනය වැනි අංශ තුළින් විශේෂ වැඩසටහන් සංවිධානය කිරීමේ මාසික වැඩසටහනක් ලෙස මෙය ක්‍රියාත්මක කෙරේ.

ප්‍රවීණ සිනමා විචාරය සදහා ආචාර්ය එඩ්වින් ආරියදාස, අජිත් ගලප්පත්ති, පි‍්‍රයන්ත කොඩිප්පිලි, කුසුම්සිරි විජේවර්ධන යන මහත්වරුන් සහභාගී වන අතර මෙම විද්වත් සිනමා කතිකාව මෙහෙයවනුයේ නුවන් ජූඩ් ලියනගේ විසිනි. සමාජීය හා සාමයික කේන්ද්‍රයේ මාධ්‍ය ඒකකයේ පූර්ණ අනුග්‍රහයෙන් පැවැත්වෙන මෙහි සංවිධාන හා සම්බන්ධීකරණ සහාය කෙටි චිත්‍රපට සංගමය හා ශී‍්‍ර ලංකා විකල්ප සිනමාවේදීන්ගේ සංසදය මගිනි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 13 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.